රජයේ සියලුම පාසල් ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නිකුත් කර ඇත.
එම චක්‍රලේඛය පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු, කොට්ඨාස භාර අධ්‍යාපන අධ්යක්ෂවරු, පරිවේණාධිපති හිමිවරු සහ විදුහල්පතිවරු ආමන්ත්‍රණය කරමින් නිකුත් කර ඇත.
අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කර ඇති එම විශේෂ චක්‍රලේඛයෙහි මෙසේ සඳහන් වෙයි.
අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කර ඇති එම විශේෂ චක්‍රලේඛයෙහි මෙසේ සඳහන් වෙයි. ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි මාර්තු 29 වැනි දින ආරම්භ කිරීමට අදාළවිශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ සියලුම පාසල් මෙදින ආරම්භ කෙරෙන අතර යම් ප්‍රදේශයක් හුදෙකලා කළහොත් අදාළ කාලසීමාව ඉකුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බව සඳහන් කොට තිබේ.
සෞඛ්යාරක්ෂිත ස්ථානයක් ලෙස, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් සූදානම් කිරීම අද (26දා) සිට 2021/03/28 දක්වා දින 03ක් වෙන්කොට තිබේ.
නැවත පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඔප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම් කිරීමට මූලිකත්වය ලබා දෙමින් පාසල ආරම්භ කළ වහාම විභාග කටයුතු සහ තරග සඳහා දරුවන් යොමු කිරීමට යෝග්‍ය නොවන බැව් වැඩිදුරටත් අවධාරණය කොට තිබේ.
එමෙන්ම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක්ද ඇතුළත්කොට තිබේ. ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුවේ.