Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඩිල්ෂාන්ට හදිසි ස්කෑන් පරීක්ෂණයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන් ගේ කලවයේ ආබාධයක් ඇතිවීම හේතුවෙන් අද දිනයේදී ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී MRI ස්කෑන් පරීක්ෂණයකට ලක්ව තිබෙනවා. මිට දින දෙකකට පෙර අවසන් වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලිය පුරාවට තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා කර ඇත්තේ ආබාධය සහිතව බවයි වාර්තා වන්නේ.

ඩිල්ෂාන් ගේ කලවයේ අඟල් 4 ක ඉරීමක් ඇතිව තිබීම නිසා අභ්‍යන්තරව ලේ ගැලීමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමනාකරු සඳහන් කළේ.

ඩිල්ෂාන් තමන්ගේ ආබාධය සහිතව වුවද තරගාවලිය පුරාවට වේදනා නාශක ඖෂධ සහ ඉන්ජෙක්ෂන් ලබාගනිමින් ක්‍රීඩා කළ බවත් මේ වන විට ඔහුගේ ආබාධය තෙවන අදියරේ මස් පිඩු ඉරීමක් දක්වා වර්ධනය වී ඇති බවද සඳහන් කර සිටියා.

Scroll to Top