ඇස්ට්‍රා-සෙනෙකා ඇතුලු කොවිඩ් මර්දන එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව ගත් තීරණය හමුවේ ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණයට බලපෑමක් එල්ල නොවන බව රජය පවසනවා.
ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කලේ මෙරටදී පළමුවෙන් එන්නත ගත් පුද්ගලයන්ට මැයි මාසය අවසන් වන තෙක් පමණ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා දැනටමත් රට තුළ පවතින බවයි.
එමෙන්ම ඇස්ට්‍රා-සෙනෙකා තවත් මාත්‍රා ලක්ෂ 05 ක් පමණ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලබාදෙන බවට ඉන්දියාව විසින් නිල නොවන මට්ටමින් දැනුම් දී ඇති බවද සඳහන් වෙයි.