Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඔෂධ සහ ලහිරු ශ්‍රී ලංකා දෙවන ඉනිමට ශක්තිය ගෙන දෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. ඊයේ දිනය නිමාවනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම සවිමත් කළ ලහිරු තිරිමාන්න සහ ඕෂධ ප්‍රනාන්දු දෙවන කඩුල්ල සඳහා ලකුණු 162 ක අගනා සබඳතාවක් ගොඩ නැගුවා. ලහිරු තිරිමාන්න ලකුණු 76 යි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 91 කට දැවී ගියා.

එම ලකුණු සබඳතාව වාර්තා වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු කොදෙව් දූපත්හිදී ටෙස්ට් තරගයක ගොඩනැගූ හොඳම සබඳතාව ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 169 ක් රැස්කළ අතර කොදෙව් කණ්ඩායම ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 271 ක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට ලකුණු 153 ක් ඉදිරියෙන් සිටිනවා.

Scroll to Top