නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබූ කොළඹ ආකේඩ් අති සුඛෝපභෝගි වෙළඳ සංකීර්ණය දස අවුරුදු බදු කාලසීමාවකට සොෆ්ට්ලොජික් සමාගමට ලබා දි ඇතැයි වාර්තා වේ.
දස අවුරුදු කාලසීමවකට බලපැවැත්වෙන බදු ගිවිසුම අනුව කොළඹ ආකේඩ් පරිශ්රයේ අයිතිය හැර අනෙකුත් සියලුම කටයුතු සිදුකිරීමේ බලය සොෆ්ට්ලොජික් සමාගමට හිමිවී ඇත.
අක්කර 42 ක් පුරා විහිදි තිබෙන කොළඹ ආකේඩ් පරිශ්රය අති සුඛෝපභෝගි වෙළඳ සංකීර්ණයක් බවට පත්කිරීම තම අරමුණ බව සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ පවසයි.
“කොළඹ ආකේඩ් පරිශ්රය යනු වාණිජ අගනුවරින් සොයාගත හැකි හොඳම ව්යාපාරික ස්ථානයයි. මෙම ස්ථානය අති සුඛෝපභෝගි වෙළඳ සංකීර්ණයක් ලෙස විනිවිදභාවයෙන් යුක්තව වැඩිදියුණු කිරීම අපගේ බලාපොරොත්තුවයි.”
සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ වැඩිදුරටත් පවසයි.