Aboutceylon Online

ලෝක වනාන්තර හා වෘක්ෂලතා ජාත්‍යන්තර දිනය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝක වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ.

මාර්තු 21 ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නිවේදනය කරනු ලැබුවේ 2012 වර්ෂයේදී ය.

ඒ අනුව 2013 වසරේ සිට සෑම වර්ෂයකම ලෝක වනාන්තර දිනය සමරනු ලබයි.

ශ්‍රී ලංකාව අන්තර්ජාතික වනාන්තර දිනය සමරන්නේ 2014 වසරේ සිට ය.

වර්තමානයේදී ජාතික උරුම වන භූමි ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන එකම ප්‍රදේශය සිංහරාජ වනාන්තරය යි.

නකල්ස් සංරක්ෂණ වනාන්තරය, සමනල අඩවිය රක්ෂිත ප්‍රදේශය හා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයට අයත් වනාන්තර වේ.

ලෝකයේ දේශගුණික විපර්යාස කෙරෙහි බලපාන ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ, වනාන්තර හායනයෙන් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු විමෝචනය යි.

සංවර්ධිත රටවල්වල සිට තුන්වන ලෝකයේ රටවල්වල සුවිසල් නගර දක්වා සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ මූලාශ්‍ර ලෙස භාවිත කරනු ලබන්නේ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශයන් ය.

දිනෙන් දින නාගරීකරණය වීම හා ජනගහණය වර්ධනය වීම සිදු වුව ද ඒ හා සාපේක්ෂව අදාළ ජල මූලාශ්‍ර රැඳි වනාන්තර ප්‍රදේශ වර්ධනය නොවීම සලකා බැලිය යුතු කරුණක් බවට පත්ව තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ ද ප්‍රකාශය තුළ අන්තර්ගත වන්නේ පරිසරයේ ඇති වැදගත්කම යි.

“මම කුඩා කාලයේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.

එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකම යි.

අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක් වීම.

මං මේ කැළේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ගහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊළඟට මිනිස්සු.”


sri lanka time, Gossip Lanka News, sri lanka map, sri lanka people, ella hotels, Ella, Nuwara Eliya, tv, lanka gossip, Breaking news, Television, Television show, gossip lanka, gossiplanka, infolanka news, news in sri lanka, news sri lanka, gossip c lanka
Scroll to Top