ෆයිනල් එකට කලින් දවසේ මට උණ ගැනුනා. අර්ජුන අයියා කිව්වා මේකත් එක මැච් එකක් විතරයි අපි බලාපොරොත්තු වුණේ සෙමි ෆයිනල් එකක් ගහන්න.කිසි කෙනෙක් මේ ගැන ඔලුවේ තියාගන්න එපා.සාමාන්‍ය විදියට ගිහින් සෙල්ලම් කරන්න.එහෙම කලොත් විතරයි අපිට මේක ගොඩදාන්න පුළුවන්. අපේ පොඩි චකිතයක් තිබ්බා. පහුවදා නැගිටලත් අපි කල්පනා කලා අපි ෆයිනල් එකට ආවාද කියලා සුවර් එකක් තිබ්බේ නැහැ.
අපි ඒ දවස් වල ආසයි කාපට් එහෙම ගන්න. ඔය කාපට් තියන ඇෆ්ගන් කඩ තියනවා.ඉතින් අපි ගෙවල් වලට පොඩි පොඩි කාපට් මිලදි ගත්තා. ඒ දවස් වල අපිට සල්ලිත් නැහැ. ඉතින් ඔළුව නිදහස් කර ගන්න කඩ වල ඇවිදලා පොඩි පොඩි බඩු ගත්තා.
මේකට අර්ජුන අයියාට තරහා ගිහිල්ලා දුලිප් අයියටත් බැණලා තිබ්බා. කොල්ලන්ට අද නිදහසේ ඉන්න දෙන්න.ෆිරී මයින්ඩ් එකෙන් මැච් එකට එන්න දෙන්න. ඒකොල්ලේ එතකොට ෆෙෂර් එක අමතක කරයි.මැච් එක වෙලාවට එයාල ඔලුව හදාගනියි කියලා දුලිප් අයියා අර්ජුන අයියට කියලා තියනවා.
අද පැත්තකට දාලා ඉන්න අනා පුංචි හේවා සභාපතිතුමා එදා හොද වැඩක් කලා.ඩේව් වට්මෝර්ව ගෙනාවා. පුහුණුකරුවෙක් ගෙනල්ලා. ඒ වගේම ඇලෙක්ස්වත් ගෙනල්ලා.අපිට කාලසටහනක් ගෙනල්ලා.ඒකත් එක්ක තමයි අපා හරි දේවල් කරලා. පුහුණුවීම් කරලා මේ හැම දෙයක්ම එක ගානට ගෙනල්ලා ටීම් එකට උපරිම නිදහසත් දීලා. ඔයගොල්ලන්ගේ ගේම් එක ඔයාල ගහන්න කියලා නිදහස දුන්නා.
අපි මුරලිගේ ප්‍රශ්නෙත් එක්ක මානසිකව වැටිලා හිටිය වෙලාවක්. හැබැයි කණ්ඩායම තවත් හොදට එකට එක් වුන වෙලාවක්. 14 දෙනා එකට යනවා කියලා පවුලක් කියන එක හදලා දුන්නා.
ඔයා(ඩිලා) කණ්ඩායමේ ඉන්න ඕන නම් ඔයා මොකක්ද කරන්න ඔනේ කියලා ඔයාට තේරුනා. මට තේරුනා මම ආපු කාලේ දිග කාලයක් ගහන්න ඕන. මොකද අපේ පිටිපස්ස හැරිලා බැලුවොත් අපි අමාරු ගමනක්නේ ඇවිල්ලා තියෙන්නේ.
ඒ අමාරු ගමන අපි සාර්ථක කරගන්න ඕන නම් අපි සෑහෙන කැප කිරීමක් කරන්න ඕන. ඩිලා ඔයා ඒ කැප කිරීම කලා මම ඒ කැප කිරීම කරා.අපේ දෙමාපියෝ ඒ කැප කිරීම කරා. ඔයාගේ දෙමාපියෝ කරා සහෝදරයෝ කලා. ඒ වගේම අපි හැම කෙනෙක්ම ඒ කැප කිරීම කරලා තියනවා.
දැන් අපට පේනවා ඒක ගිලිහිලා ගිහිල්ලා තියනවා කියලා.මොකද හැමදෙයක්ම ලේසියෙන් ලැබෙන නිසා අගයක් නැහැ.ඔයා ටීම් එකට ආවේ අමාරුවෙන්. මම ආවේ අමාරුවෙන්. එහෙම ඇවිල්ලා තමයි අපි ලෝකයට පෙන්නුවේ කොහොමද ක්‍රිකට් ගහන්න ඕන. මොනවද කරන්න ඕන. ලෝකයට අලුත් දේවල් අදුන්වලා දුන්නේ. ඔයා අදුන්වලා දිලා තියනවා. මම අදුන්වලා දීලා තියනවා. ඒක අපි ලේසියෙන් අරගෙන අවිල්ලා කරපු දේවල් නෙවෙයි.
මේවා ගොඩක් කැප කිරීමෙන් කරපු දේවල්. අපි කරපු අමාරුකම් අපි දන්නවා ඔයත් දන්නවා මාත් දන්නවා.
අද ඔයා සෙල්ලම් කරද්දිත් මම සෙල්ලම් කරද්දිත් මම බැට් එකක් අල්ලන්නේ අවුරුදු 10කට පස්සේ. ඔයත් රිටයර් වෙලා අවුරුදු ගණනාවකට පස්සේ මේ ගහන්නේ.අද අපි සෙල්ලම් කරනවා ඒ විදියටම.ඔයත් අද සෙල්ලම් කරනවා කිසි වෙනසක් නැතුව.
මොකද අපිට තියෙන උවමනාව අපිට තියන ජයග්‍රහණය කරන්න තියන උවමනාව.
මම 96 අවසන් තරගයේ දුවද්දි දැවි යාමක් හැටියට අහුවුණා. ඩෙරෙසිං රූම් එකට ගියහම ඇත්තටම දුක හිතුනා.මම දැවි ගියාදෝ කියලා සැකයක් තිබුනා.ඒ අවුට් වීම පිළිබදව අර්ජුන අයියවත් ඩේව් වත් කිසිදෙයක් කිව්වේ නැහැ.
හේතුව මුලදි අවුට් උනොත් ඒකොල්ලෝ ඒක පිලිගන්න කැමතියි. මම ලකුණු 25ක් 30 ක් ගහලා අවුට් උනෝත් ඒ ගොල්ලන්ට ඒක දරාගන්න බැහැ.ඔයා ගහපු කාලෙත් මන් ඔයාට කිව්වේ 25 කැලි ගහන්න එපා . 100යේ 150යේ ඒවා ගහන්න කියලා.
අපි කණ්ඩායමම එකට එකතුවෙලා එක පවුලක් වගේ කැදරකමින් බලන් ඉන්නේ අවසන් ලකුණ ලගට එනකම්.
මේ ජයග්‍රණය එනකන් අපි ඒකා වගේ හිටියා. විකට් ගියත් දැඩි විශ්වාසයක් තිබ්බා තරගය ජයග්‍රණය කරයි කියලා.
අපේ බැටින් ලයින් අප් දැක්කම ඕන කෙනෙක්ට ඒක හිතෙනවා. සනත් අවුට් උනත් කළු අවුට් උනත් අරවින්ද අර්ජුන අයියා අවුට් උනත් තරගයක් දිනවන ක්‍රීඩකයින් අපිට හිටියා. අපිට ඒක නිසා භයක් චකිතයක් තිබුනේ නැහැ.
තරගය ජයග්‍රහණය කලාම ලොකු සතුටක් දැනුනා. තරගාවලියේ වීරයා ලෙස මාව තේරුනාම අසංක අයියා ඒ මොහොතේ අවිල්ලා පැන්නා ඇද උඩට. හෙන යෝධයෙක් වගේ ඇවිල්ලා පැනලා විස් කලා.
හරිම සන්තෝෂයි අපේ කණ්ඩායම පුදුම හැගීමක් තිබ්බ කණ්ඩායමක්. කාට මොනවා හරි හම්බුනත් ඒක ලොකු දෙයක් වුනා. ඒක තමයි තියෙන්න ඕන. පවුලක සහෝදර හැගීම ඒක හැම කෙනෙක්ටම තිබුනා.ඒක කණ්ඩායටම හම්බෙච්ච දෙයක් හැටියටම තමයි මට තේරුනේ.
රෝඩ් සෙෆ්ටි ගැන මොකද හිතෙන්නේ ?
ඇත්තටම මේ වගේ තරගාවලියකට මන් පළමු වතාවට සහභාගි වෙන්නේ.මන් ක්‍රිඩාවෙන් සමුගත්තට පස්සේ.ඇත්තටම ලොකු දෙයක් ලොකු සන්තෝෂයක් දැනෙනවා මගේ ක්‍රිකට් ජිවිතයෙන් සමුගත්තට පස්සේ ලෝක කුසලානය ජය අරගෙන අවුරුදු 25ක් පිරුණ වෙලාවේ වර්ල්ඩ් සිරියස් එකකට සෙල්ලම් කරිමට ලැබීම ගැනත් මං සන්තෝෂයි.
මට අවුරුදු ගණනාවකට පස්සේ ලැබිච්ච හොද අවස්ථාවක්. මෙතනත් මම හැමතිස්සේම බලන්නේ ඔයත් එක්ක එකතුවෙලා මේ රෝඩ් සේෆ්ටී වර්ඩ් සිරියස් එකත් ලංකාවට ගෙනියන ප්‍රාර්ථනව තමයි මගේ තියෙන්නේ.
කැමති නැද්ද අපේ ජාතික කණ්ඩායමට ඇවිල්ල පුහුණුකාර තනතුරක් අරගෙන උදව්වක් කරන්න. පුහුණු කිරීම් කටයුතු සම්බන්ධයෙන් තාම හිතලා නැහැ. ඒ තත්වෙට තාම මන් හිතලා නැහැ.ඉතින් මන් ආසයි ක්‍රීකට් වලට උදව් කරන්න. ඔයාගෙත් මගෙත් එකම බලාපොරොත්තුව ක්‍රීකට් යම්කිසි තැනකට ගේන්න.
ඉතින් අපි දෙන්නා දන්නවා කොච්චර අමාරුවෙන්ද ඇගිලි අතපය කඩාගෙනද ක්‍රිකට් ගහලා තියෙන්නේ.
දැනුත් ගහන්නේ එහෙමයි.කොහොම හරි අපි ගහනවා. ඒක තමයි අපේ හැටි.ඉතින් ඒ හින්දා මටත් ආසයි.ඔයාටත් ආසයි අපි දෙන්නටම ඕන. ලංකාවේ ක්‍රීකට් හැදෙන්න. එහෙම හැදෙන්න උවමනාවක් තියනවානම් හරි උදව්වක් ඔනනම් හරි මමත් ඉන්නවා.දිලිත් ඔනම වෙලාවක බැදිලා ඉන්නවයි කියන එක මට විශ්වාසයි.
පවුලක් වගේ ඉන්න 96 ලෝක කුසලානය ගෙනාපු හැමෝටම අපි සුභ පතනවා. මොකද අපි අද මෙතන ඉන්නේ ඒ ගොල්ලෝ නිසා ලෝකයට ශ්‍රී ලංකා නාමයට කිර්තියක් අත් කර දුන්නේ ඒ කොල්ලන්.
තවමත් ලෝකේ බලවතුන්ටවත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න වරම් ලැබිලා නැති කාලෙක ශ්‍රී ලංකාව 96 දී ලෝක සුරයෝ වීම ගැන ප්‍රේක්ෂක අපිටත් ආඩම්බරයක්.
සනත් අයියව ඉන්ටර්විව් කරපු ඩිල්ෂාන් අයියටත් අපේ හදපිරි ස්තූතිය. සියලු දෙනාට ජයවේවා.