කුලේ විකට් දාන වාරයක් පාසා අසන්තද මෙල් ගේ නම කියවෙනවා. මීම් හැදෙනවා. ඒ නිසා තිත්ත උනත් මේ ඇත්ත කිවයුතුයි.
රටේ ගොඩක් මිනිස්සු කලින් කොනින් අහපු “අසන්ත ද මෙල් කුලේව දැකලා නෑ කිව්වා” කියන කතාවට අදාල ප්රශ්නය ඒ මාධ්ය හමුවෙදි ඇහුවෙ මමයි.
එතනදි ඔහු කියන්නෙ “කුලේ මේ ඩොමෙස්ටික් සීසන් එකේදි ක්රීඩා කරනවා දැක්කෙ නෑ කියන එකයි.” මොකද කණ්ඩායමකට ක්රීඩකයන් තෝරන්නෙ ඩොමෙස්ටික් සීසන් එකේ දක්ෂතා මත. ඒ මාධ්ය හමුව සම්පූර්ණයෙන් බලපු අයට කතාව තේරෙනවා.
පුද්ගලිකව මමත් හිටියේ කුලේට සමුගැනීමේ තරඟයක් දියයුතුව තිබුණා කියන තැන. හේතුව එක්දින කඩුලු 199න් තරඟ දිවිය නිමා කරපු ලෝකයේ ක්රීඩකයන් දෙන්නාගෙන් කෙනෙක් ඔහු.ඉතින් ඔහුට මාලි සමගම සමුගැනිමේ තරගය දුන්නා කියලා අපිට නැතිවෙන්න දෙයක් නෑ.
දැන් කියන කතාව තමයි මේ ක්රීඩකයො දැනුත් ජාතික කණ්ඩායමට දාන්න පූළුවන් කියන එක. නමුත් බලන්න කුලේ දාන්නෙ 120ට විතර, 100-110 අතරේ පන්දු යවපු සනත් අයියා 80-85 අතරෙ පන්දු යවන්නෙ.
නමුත් ඔවුන්ගෙ ලයින් සහ ලෙන්ත් වෙනස් වෙලා නෑ. ඒ ඔවුන්ගේ අත්දැකීම්. මේ වේගයන් ලෙජන්ඩ්ස් තරගාවලියට ගැටළුවක් නෑ. මොකද ප්රතිවාදීනුත් ඒ වයස්වලම පසුවන නිසා. ක්රීඩකයෙක් වයස්ගත වෙද්දි ඔවුන්ගේ ප්රතික්රියා කාලය, ශක්තිය, දරාගැනීමේ හැකියාව අඩුවෙනවා. ඒ නිසා ඔය කියනවා වගේ ජාත්යන්තර තලයට දැන් ඇවිත් ඔය වගේ දස්කම් දක්වන එක පහසු වෙන්නෙ නෑ.
මේ ලෙජන්ඩ්ස්ලගෙන් අපේ තරුණ පරපුරට ගන්න තියන හොඳම දේ තමයි “උණ”. මේ ලෙජන්ඩ්ස්ලා පිට්ටනියට බැස්සම ඔවුන් බලන්නෙ බෙල්ල කඩාගෙන හරි වැඩේ කරන්න. ඒක තමයි ඔවුන්ගේ විශේෂත්වය. ඒ මානසිකත්වය තමයි තරුණ ක්රීඩකයො හදාගන්න ඕන.
දැන් කට්ටිය කියනවා ලෙජන්ඩ්ලයි නැෂනල් වීම් එකයි මැච් එකක් ගහන්න ඕනලු. ඒක හොඳයි, හැබැයි මේ උඩ කියලා තියන ටික තේරුම් ගන්න පුළුවන් ප්රේක්ෂකයො ඉන්නවනම්.
නැත්තං පස්සෙ අහයි ” අයියෝ මුංද ලෙජන්ඩ්ලා කිව්වෙ” කියලා. එහෙව් රටක් මේක!
– විදූ-
උපුටා ගැනීම – සමාජමාධ්‍යය