Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දුර්මත පතුරවන අය ගැන සොයා බැලීමට කමිටුවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස කමිටුව කඩිනමින් ස්ථාපනයට තීරණය කළ බවයි.

එහිදී පරිසර විනාශය හා රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අදහස් පළ කළේ ය.

Scroll to Top