Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අවසාන හැරවූම් ලක්ෂය – චින්තකලා බස් ඩර්යිවර්ලා වූනේ බලධාරින්ගේ නොහැකියාව නිසාද?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජන කළ සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහ ඔස්ට්‍රේලියාවේ බස් රථ රියැදුරන් ලෙස කටයුතු කරන බව ඔස්ට්‍රේලියා විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුරාජ් රන්දිව් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක්, එක්දින තරග 31ක් සහ පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 7ක් නියෝජනය කළ ක්‍රීඩකයෙකි.ඔහු 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ද ක්‍රීඩා කළේය.

චින්තක ජයසිංහ පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 5කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

ඉන්දික සේරම්, ජීවන්ත කුලතුංග, චින්තක ජයසිංහ කියන්නේ ලංකාවේ ඩොමෙස්ටික්වල වැඩ දාපු 3ක්. තුන් දෙනාම වේගෙන් බැට් කරන අය.
ඒත් ඒ කාලේ තේරීම් කමිටු මේ 3 නිතරම හැලුවා. ඒක ලොකු කතා බහක් උනු දෙයක්. මේ තුන් දෙනාටම ලැබුනේ පොඩි චාන්ස් එකක්. ලොකු වැඩ දැම්මෙත් නෑ.
හැබැයි මේ 3 දෙනාම හොංකොං සය සාමාජික තරඟාවලිවල ලංකාවට ශූරතාව ගේන්න, නම ඉහල තැනකට ගේන්න දෙයක් කරපු කෙනෙක්.
නැෂනල් ටීම් එකේදී බැරි උනාට අද ලෙජන්ඩ් මැච් එකේ චින්තක ජයසිංහ රට වෙනුවෙන් තමන් ගහපු හොඳම ඉනිම සෙල්ලම් කලා

මොවුන් බින්දු මෙන්ඩිලාට වැඩිය එක ලකුණක් හෝ ගසපු ක්‍රීඩකයන්ය.

බින්දු මෙන්ඩිලාට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නත් චින්තකලාට ජාතික ක්‍රිකට් කණ්ඩායම හැර යන්නත් හේතුව බලධාරින්ගේ නොහැකියාව සහ ඔවුන්ගේ අතමිට සරුකර ගැනීම නොවේද?

තරගයක් ජයග්‍රහණය කල හැකි මෙවැනි අති දක්ෂ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව නොලැබී විදෙස් ගත වී එරට ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරන ප්‍රමාණය අනන්ත අප්‍රමාණය.

ඒ වගේම ගමේ ඉස්කොලේ පහසුකම් නොමැතිව අති දක්ෂ ක්‍රීඩකයින් පාසල් අවධියෙන් පසු විවිධ රැකියා වලට යොමුවෙයි. වැඩකට නැති පුහුණුකරුවන්ට රුපියල් බිලියන ගණන් ගෙවෙන ශ්‍රී ලංකා ක්‍රිකට් මෙවන් ක්‍රීඩකයන්ට එක රුපියලක්වත් වියදම් කර තිබේද?

බලධාරින්ගේ අතමිට සරුකර ගැනීමක් මිස චෙක් එකට ක්‍රිඩා කරන ඩොලර් ක්‍රීඩකයන් හැර රටට ක්‍රීඩාවට ආදරය කරන  තරගයක් දිනවිය හැකි කුසලානයක් ලබාගත හැකි ක්‍රීඩකයන් බිහි නොවනු ඇත.

මෙවන් පසුබිමක් තුල  ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිදා ගොඩගන්න ලැබෙන්නේ නැත.

සබැදි පුවත්

 

ක්‍රිකට් බේරා දෙන්න ලෙජන්ඩ් අර්ජුන ඉල්ලයි

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් Vs ශ්‍රී ලංකා ක්‍රිකට් – කුසලානයද? චෙක් එකද?

ලෙජන්ඩ්ස්ලාගෙන් රංගනට උපන්දින තෑග්ගක් – ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් මහා තරගයට – Highlights

පළමු පන්දුවෙන් විකට්ටුවක් ලබාගන්නා ලෝකයේ එකම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම බව මතක් කර දෙයි (Highlights)

අපිට චෙක් එකට වැඩිය කප් එක ලොකුයි – ශ්‍රී ලංකා ලෙජන්ඩ් හෂාන්

1996 මාර්තු 17 One nation One team Only SriLankan legends අනිත් එක වදුරන්ස් – ලෙජන්ඩ්ස් නං පිස්සුවක් බං(highlights)


google input tools, lanka gossip, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka, breaking news sri lanka, breaking news srilanka, sri lanka breaking news, srilanka breaking news, breaking news sinhala, sinhala breaking news, sri lanka news, newspapers in sri lanka, newspapers sri lanka, sri lanka newspapers, lk, lanka gossip, sri lanka time, Gossip Lanka News, sri lanka map, sri lanka people, ella hotels, Ella, Nuwara Eliya, tv, lanka gossip, Breaking news, Television, Television show, gossip lanka, gossiplanka, infolanka news, news in sri lanka, news sri lanka, gossip c lanka, sri lanka gossip, hot gossip lanka, lanka news web, gossip news lanka, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, gossip c lanka news, gossip lanka c news, gossip lanka hiru news, hiru gossip lanka news, gossip lanka news sinhala, hiru gossip news, hiru news gossip, sinhala news today
Scroll to Top