පසුගිය covid 19 වසංගත සමයේ ස්වකීය රැකියාවට යාමෙ අපහසුතා හේතුවෙන් හෝ අදාල ආයතනය විසින් ඉවත් කිරීම හේතුවෙන් හෝ කොවිඩ් වසංගත සමයේ පැවති වෙනත් අපහසුතා හේතුවෙන් ස්වකීය රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වූවන් පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටී.
covid 19 වසංගතය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට කළ බලපෑම් පිළිබඳව තොරතුරු හා දත්ත එක්රැස් කිරීමේ සහ ඒ පිළිබඳව ලබාදිය හැකි යම් සහනයක් වේ නම් ඒ පිළිබඳව ඉදිරියේදී ක්‍රියාත්මකවීම අරමුණින් මෙම සංගණනය සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.