එන්නත නිෂ්පාදනය කළ ඇස්ට්‍රාසෙනකා සමාගම පවසන්නේ, සිය එන්නතේ ආරක්ෂිතබව සහ ඵලදායිත්වය සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයක් නොමැති බවයි.
එන්නත ලබාදුන් මිලියන 17 කට අධික පිරිසෙන් පුද්ගලයින් 37 දෙනෙකුට පමණක් රුධිර කැටි ගැසීම් සිදුව ඇති බවට වාර්තා ලැබී ඇති බවත් එය අනුමැතිය සහිත ඕනෑම එන්නතකින් සිදුවිය හැකි අවම අතුරු ආබාධ ලැයිස්තුවට ඇතුළත් වන බවත් ඇස්ට්‍රාසෙනකා සමාගම නිවේදනය කළේ ය.
එන්නත ලබා ගැනීමෙන් ජනතාව මාරාන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරන බවටත් රෝහල්ගතවීම් අවම කර වෛරසය නිසා ඇති වන අවදානම් සහගතබව අඩු වන බවටත් එම සමාගම වැඩිදුරටත් පවසා ඇත.
ඒ අනුව තාවකාලිකව අත්හිටවූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත යළි ලබා දීමට යුරෝපා සංගමයේ ප්‍රධාන රටවල් තීරණය කර තිබේ.