Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සිංහරාජ හෝටලයේ ඉදි කිරීම් අත්හිටුවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

භාග්‍යා අබේරත්න තරුණිය විසින් හෙළිදරව් කරන ලද සිංහරාජ වන විනාශයට හේතුව වු හෝටලයේ ඉදි කිරීම් වාහම අත්හිටුවන ලෙස කලවාන ප්‍රාදේශිය සභාව දැනුම් දී තිබේ.

කලාවන ප්‍රදේශිය සභාවේ සභපාති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා සඳහන් කර සිටියේ සිංහරාජ වන රක්ෂිතය ආශ්‍රිත මාණික්කවත්ත – බෝටියතැන්න ප්‍රදේශයේ හෝටල් ඉදිකිරීමට කටයුතු කළහොත් එහි ඉදිකිරීම් සදහා ලබා දී ඇති අවසරය අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

ඒ මහතා සඳහන් කළේ මෙම භූමිය අවසර දී ඇත්තේ නිවාස ඉදි කිරීම සඳහා පමණයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත එදිරිසිංහ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ‍ සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ ආරක්ෂාව තහවුරු කරමින් වනාන්තරය අවට ඇති ඉඩම් හෙක්ටෙයාර් 400ක් කඩිනමින් පවරා ගැනීමට තීන්දු කළ බවයි.

මෙම ඉඩම්වල වන ගහනය පැවතිය ද ඒවා පෞද්ගලික ඉඩම් හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනත අනුව ඒවායේ සිදුවන වන විනාශයන් වැළැක්වීමට දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නොමැති බවද ඒ මහතා සිය ප්‍රකාශ තුළ සඳහන් කළේය.

මීට පෙර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් පවසා සිටියේ 2004 වසරේ සිට මෙම ඉඩම් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් ඉදිරිපත්ව තිබුණත් පහළ මට්ටමේ සිටින නිලධාරීන් නිසා එම සීමා නිර්ණය ක්‍රියාවලිය මන්දගාමීව තිබූ බවයි.

එමෙන්ම දැන් එම ක්‍රියාවලිය වේගවත් කර ඇති බවත් වහාම එය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කර තිබුණි.

Scroll to Top