Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම රජයේ ප්‍රතිපත්තියයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

“ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම” යන්න තේමාව කර ගනිමින්, ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව නාරහේන්පිට රජවාස පරිශ්‍රයේදී පැවති  උත්සවයකට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ ප්‍රතිපත්තිය බවයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය ගොවිජනයා ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් රජය සහතික මිළට වී මිලදි ගන්නා බවත්, පොහොර සහනාධාරය මෙන්ම නොමිලේ ජල පහසුකම් ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සපයා දී ඇති බව අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කරන ලදි. පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයා සුරක්ෂිත කිරීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවත්, සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ හිඟයකින් තොරව සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති  බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

තිරසාර පාරිභෝගිකයා යන තේමාව පදනම්ව ගෝලීය ප්ලාස්ටික් දූෂණ අර්බුදය විසඳීම සඳහා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට පරිසර අමාත්‍යාංශය සහ පාරිභෝගික අධිකාරිය සමඟ එක්ව වඩාත් හොඳ හෙටක් ඇතිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කරන ලදී.

අන්තර්ජාලය ඔස්සේ වෙළෙදාම් කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන්ගේ තොරතුරු ඇතුලත් දත්ත පද්ධතිය සමාජගත කිරිමද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් මෙහිදි සිදුවිය.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාරි‌භෝගික අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා, පාරිභෝගික අධිකාරියේ නිළධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 


newspapers sri lanka, sri lanka newspapers, lk, lanka gossip, sri lanka time, Gossip Lanka News, sri lanka map, sri lanka people, ella hotels, Ella, Nuwara Eliya, tv, lanka gossip, Breaking news, Television, Television show, gossip lanka, gossiplanka, infolanka news, news in sri lanka, news sri lanka, gossip c lanka
Scroll to Top