Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

1977 කෙටි දුරකථන අංකය ඔස්සේ වැටලීම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නීති විරෝධී ගස් කැපීම්,වැලිගොඩ දැමීම් සහ පස් කැපීම් ආදී පාරිසරික හානි වලට අදාළව මහජනතාවගෙන් ලැඩවන තොරතුරු අනුව නිරන්තර වැටලීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා නිවේදනය කරයි

එම අංකයට ලැබුණු තොරතුරු අනුව ඊයේ (15) දිනයේ මීගලෑව පොලිස් වසමේ වලගම්බාපුර කලන්කුට්ටි ඇළ අසල රක්ෂිතය එළි පෙහෙළි කීරීම සම්බන්ධයෙන් වැටලීමක් සිදු කර ඇත

එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත

මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 29 හා අවුරුදු 41 ක් වයසේ පසු වෙයි

මේ අතර වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ, සෝමාවතිය රක්ෂිතය, කින්නියා ප්‍රදේශය සහ වන්නි ප්‍රදේශය මෙන්ම දිවයිනේ හඳුනා ගත් ප්‍රදේශවල අදාල කඳවුරු ස්ථාපිත කිරීමට උපදෙස් දී ඇති බවයි.

විවිධ පිරිස් විසින් සිදු කරන වන විනාශයන් අවම කිරීමට යුද හමුදාවේ සහාය ලබා ගන්නා බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.


google input tools, lanka gossip, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka, breaking news sri lanka, breaking news srilanka, sri lanka breaking news, srilanka breaking news, breaking news sinhala, sinhala breaking news, sri lanka news, newspapers in sri lanka
Scroll to Top