Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සතියකට දිනයක් හෝ පොහොයට වරක් පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ බෞද්ධයන් ලෙස පන්සල් යෑම අනිවාර්ය කළයුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

හාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති දේවහන්දියේ සද්ධානන්ද නායක හිමියන් බැහැදැක අදට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනයට සුභ පැතුම් එක් කළේය.

මහාවිහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ පූජනීය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි, බිබිලියාදෙණිය ශ්‍රී මලියදේව මහ පිරිවෙණේ පරිවේණාධිපති හා තත් විහාරාධිපති කටුගම්පොළ හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක විමලකීර්ති ශ්‍රී වාගීස්වරාචාර්ය කහටවිල පියරතන නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය මෙහි වැඩම කළ වඳාළහ.

කීර්තිපාල රණතුංග මහතා විසින් සංස්කරණය කළ විහාරස්ථානය පිළිබඳ සමරු කලාපය සම්පත් රසාංජන මහතා විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත පිළිගැන්වූ අතර ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති පූජ්‍ය දේවහන්දියේ සද්ධානන්ද ස්වාමින්වහන්සේ අග්‍රාමාත්‍යතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

මහාවිහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ පූජනීය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමියෝ මෙහි දී අනුශාසනාවක් පැවත්වූහ.

මේ ස්ථානයට මීට පෙර තිබ්බොටුවාවේ සුමංගල නායක හිමියන් සමඟ වැඩම කරන අවස්ථාවට වඩා හාත්පසින් වෙනස් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කර තිබෙනවා, මේ කටයුතු මැනවින් සිදුකරන දේවහන්දියේ අපේ නායක හාමුදුරුවන්ට අපේ ආශිර්වාදය පුදකරනවා, ආගමික කටයුතු වෙනුවෙන් අගමැතිතුමා දක්වන දායකත්වයට අපි පුණ්‍යානුමෝදනා කරනවා.

තිස් වසරක යුද්ධයෙන් එතුමා මේ රට ගලවා ගත්තා. පසුව ආදරණිය සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ අගමැති සහ ජනාධිපති ලෙස මේ රට කොරෝනා වසංගතය පාලනය කීරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දෙනවා.විශේෂයෙන් කොරෝනා මර්දන එන්නත ජනතාවට ලබා දෙමින් ජනතාවත් රටත් ආරක්ෂාකරන්න කටයුතු කරනවා.

මේ රට ණය බරින් වැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ශක්තිය, ධෛර්යය වගේම දළදා වහන්සේගේ ආශිර්වාදය, ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා යැයි අනුනාහිමියෝ පැවසූහ.


srilanka breaking news, breaking news sinhala, sinhala breaking news, sri lanka news, newspapers in sri lanka, newspapers sri lanka, sri lanka newspapers, lk, lanka gossip

 

Scroll to Top