ඉන්දියාවේ RITES Ltd. විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සැපයීමට නියමිත මල නොබැඳෙන දුම්රිය මැදිරි 160න් පළමු දුම්රිය මැදිරි දහයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී. ඉන්දියාවේ එක්සිම් බැංකුව හරහා ශ්‍රී ලංකාවේ දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා ඉන්දීය රජය විසින් ලබා දෙන මූල්‍ය ආධාරයක් යටතේ මෙම දුම්රිය මැදිරි සැපයේ. මේ සම්බන්ධ ගිවිසුමක් RITES Ltd. සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අතර 2019 සැප්තැම්බර් මාසයේදී අත්සන් තැබිණ.
මෙම දුම්රිය මැදිරි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයන්ට අනුව නිෂ්පාදනය කර ඇත. පිටතින් පොලියුරතේන් ආලේපනයක් සහ anti-graffiti coating සහ දිරායාම වළකන විශේෂ ආලේපනයන් සහිතව මුහුදු ආශ්රිත පාරිසරික තත්වයන්ගෙන් ආරක්ෂාව ලබා දෙන පරිදි මල නොබැඳෙන ලෙස නවීනතම තාක්ෂණයෙන් මෙම දුම්රිය මැදිරි නිෂ්පාදනය කර ඇත. මෙම දුම්රිය මැදිරි වීදුරු පාටිෂන්, ශබ්දය පිටතට නොයන ලෙස සැකසූ රබර් බිම, වීදුරු පතුල සහිත ඇලුමිනියම් ගමන් මළු රාක්ක යනාදි උසස්ම තත්ත්වයේ අංගෝපාංග වලින් ද සමන්විත වේ. LED විදුලිය සෑම දුම්රිය මැදිරියකටම සපයා ඇත. GPS පදනම් කරගත් මගී තොරතුරු පද්ධතියකින් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය විනෝදාස්වාද සහ තොරතුරු පද්ධතියකින් ද මෙම දුම්රිය මැදිරි සමන්විතය.
ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම නිෂ්පාදන ඒකකයක් වන චෙන්නායි හි Integral Coach Factory විසින් මෙම නවීනතම දුම්රිය මැදිරි නිෂ්පාදනය කරනු ලැබේ. මෙම දුම්රිය මැදිරි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සේවයේ යොදවා තිබෙන නවීනතම ඩීසල් බහු ඒකක දුම්රිය මැදිරි 78 ට සමාන වේ. එම දුම්රිය මැදිරි 2018-19 වර්ෂයන්හිදි සපයන ලදී.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මතු වූ වසා දැමීම් සහ සංචරණ සීමා නිසා හටගත් දැඩි බාධා කිරීම් ජය ගනිමින් මෙම පළමු දුම්රිය මැදිරි 10 සාර්ථකව නිෂ්පාදනය කර සපයන ලදී. ඉතිරි දුම්රිය මැදිරි සංඛ්‍යාව ඉදිරි මාස වලදී සපයනු ඇත.
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සංවර්ධන සහයෝගිතාවය ඇමරිකානු ඩොලරි බිලියන 3.5කට ආසන්න වේ. ශ්‍රී ලංකාවේ දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය දෙරට අතර සංවර්ධන සහයෝගිතාවයේ විශේෂ අවධානයක් හිමි ක්ෂේත්රයකි. දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම (කි.මී. 268ක්), සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපනය කිරීම (කි.මී. 330ක්) සහ මුහුදුබඩ දුම්රිය මාර්ගය නවීකරණය කිරීම (කි.මී. 118ක්) වැනි විවිධාකාර ව්‍යාපෘතීන් දැනටමත් සම්පූර්ණ කර ඇත. තවත් විවිධ ව්‍යාපෘතීන් විවිධ අදියරයන්හි පවතී.