Aboutceylon Online

මන්නාරම මාලු වෙළඳපොළ වැසෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මන්නාරම මාළු වෙළඳපොළ වෙළෙන්දන් 8 දෙනෙකු ඇතුළු 17 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ මාලු වෙළඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

මන්නාරම මාලු වෙළඳ පොළේ සිටි වෙළෙන්දෙක් පසුගියදා දුම්රිය අනතුරකින් මිය යාමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී එම වෙළෙන්ඳාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මන්නාරම මාලු වෙළඳපොළේ සිටි සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කෙරිණි.

මාලු වෙළඳපොළේ වෙළන්දන් ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කරමින් සිටින අතරම මන්නාරම වෙළඳපොළද විෂබීජහරණය කිරීමෙන් පසුව ආරක්ෂාව තහවුරු කර නැවත විවෘත කිරීමට පියවර ගන්නා බවටද මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.


lanka hot news gossip, gossip c lanka news, gossip lanka c news, gossip lanka hiru news, hiru gossip lanka news, gossip lanka news sinhala, hiru gossip news, hiru news gossip, sinhala news today
Scroll to Top