Aboutceylon Online

’ඇල්ටෙයාර්’ අද විවෘත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද (12) විවෘත කිරීමට නියමිතය.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

මෙය ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියකි.

නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණයක් වන ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ හි වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ගංගාරාම සීමාමාලකයට නුදුරින් අක්කර 02 ක භූමි ප්‍රමාණයක මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සඳහා වන ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. මෙහි ආයෝජකයා ලෙස ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සමාගම කටයුතු කරයි.

මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කින් සමන්විත වේ.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල තුළ වාහන 600 ක් නතර කර තැබිය හැකි වාහන රථගාලක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක 02 ක්, උත්සව ශාලා සහ ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතය. අක්කරයක භූමි භාගයක ඉදිකර ඇති උද්‍යානයක් මෙහි ඇති විශේෂත්වයක් ලෙස දැක්වෙයි.


google input tools, lanka gossip, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka
Scroll to Top