නව නිපැයුමක් ලෙසින් ජංගම සහල් නිෂ්පාදන යන්ත්‍රයක් බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි ගොවිජන මන්දිරයේදී හදුන්වා දෙන ලදි. මෙම යන්ත්‍රය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ අවධානය සදහා යොමු විය.
මෙය විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතාගේ නව නිර්මාණයක් වන අතර මෙහි තාක්ෂණික ක්‍රියාකාරීත්වය සහ එහි ඇති ප්‍රයෝජන පිළිබදව විග්රහයක්ද ඒ මහතා විසින් සිදු කරන ලදි.
මෙම උපකරණය නිෂ්පාදනය කර ගොවීයා අතට පත් කිරීම මගින් වර්තමානයේ සහල් වල ඇති තරගකාරී මිල ගනන් පහත හෙලා ගොවියාට සාධාරනයක් මෙන්ම පාරිභෝගිකයා වෙතද සාධාරන මිලකට සහල් ලබා දීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇති බවට ඒ මහතා සදහන් කරන ලදි.