මෙහෙමත් මිනිස්සු ඉන්නව කියල අහල තිබුනට දැක්කෙ අදයි.
දිනය – 07 – Sep – 2020.
ස්තානය -(කුරුනෑගල කොලබ 05 පාර) මිනුවන්ගොඩ නගරය යාබදව.
ටිකක් රෑවෙලා පාරත් නිදහස් නිසා අපි කවරුත් ටිකක් ඉක්මන් කරනවනෙ ගෙදරට යන්න.
ඉතින් අදත් ඒවගේ මමත් ගෙදර එනගමන් තමා හිටියෙ. තනි කෙලින් පාරෙ ත්‍රීවීල් එකක් ඕවටේක් කලේ ඒක පාරෙ ගොඩක් හිමීට ආපු නිසා.
එකපාරටම ටොච් එලියක් එක්ක ඇල්ලුවා පොලීසියෙන්. තනි ඉර කපාගෙනයි ඕවටේක් කරන්න උනේ.. කරන්න දෙයක් නෑ…
වරද මගේ හින්ද මුකුත් නොකිය ලයිශන් එක දුන්න.. ( අදත් දෙතුන් දහක් ඉවරයි…හිත කියනව )මාව අල්ලපු පොලිස් නිලදාරියා මගේ ලයිශන් එක අරන් ඇහුවෙ “”මල්ලි කොහෙද යන්නෙ”” කියල.. ඒකත් බොහොම සන්වරව.
මන් ගෙදර යනවකීවාම ඒ නිලදාරියා මගේ වරද පෙන්වල දුන්න.මමත් ඒක පිලිඅරන් දඩේ කන්න සැදීපැහැදී ඉද්දි මට කිව්වෙ “මහා මාර්යේ යද්දි පරිස්සමින් යන්න ඕන. පාර පැහැදිලි උනාට මාරිග නීති කඩකරන්න එපා,,මෙතන තියෙන්නෙ තනි ඉර,, හරි,, පරිස්සමින් ගෙදර යන්න”” කියල.
මන් කාරෙකෙන් නිකම්ම එලියට එව්න ඒ වචන වලට. මන් ඇහුවෙ,,, ” මහත්තය මට දැන් දඩයක් දෙන්නෙ නැද්ද කියල””” ( මොන කරුමෙට ඇහුවද මන් දන්නෙ නෑ )
ඒ නිලදාරියා මට කිව්වෙ,,,
“”රථවාහන පොලිසිය ඉන්නෙ මාර්ගනීති ආරක්ෂා කරන්න මිස මිනිස්සුන්ට දඩදීමටම නෙවෙයි. දැන් මේ මහත්ටයට මන් දඩයක් ලීවාම මේ මහත්තය ගමනෙ ඉතිරිටික යන්නෙ වයිරයෙන්. ක්‍රෝධයෙන් සහ මීට වඩා අපරික්ශාකාරීව.
එතකොට අනතුරක් වීමේ සම්බාවතාව මීටවඩා වැඩී. කල වරද , වරදේ ස්වබාවය නිවාරදිව රියැදුරාට පෙන්වා දී හොදින් කරුනු පැහැදිලි කල පසු එවැනිවරදක් ආයේ ඒ රියැදුරා අතින් වෙන්නෙ නෑ.ඒනිසා මහත්තය මේ කිව්ව දේවල් හිතට අරන් පරිස්සමින් යන්න..”””
ඇත්තටම ඒ වචන වල තියන වටිනාකම සහ මහරෑ මාර්ගයන්හි රැදී සිටිමින් රතවාහන අනතුරු වලක්වා ගැනීමට මේ නිලදාරියා සහ එතුමාගේ සගයා,,, වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම ගන්නා මේ උතුම් උත්සහය අගය කල යුතුමය.
ඒ තැන කිසිම කෙනෙක්ට දඩලිවීමක් නෑ… සෑම කෙනෙක්ටම වරද පහදාදීම පමනයි වෙන්නෙ. පගාවට, සමහර විටෙක වරදක් නොකල මිනිස්සුන්වත් බොරුවට රිමාන් කරනා දූශිත නිලදාරීන් ඉන්න මෙවැනි ආයතනයක, හිතෙන් පිරිසිදුව අපේ සමාජයට සේවය කරන නිලදාරීන් දෙපලක් හමුවීමත් සතුටක් මචන්.
මේ ලිපිය මේවැනි සෙසු සෑම නිලදාරින්ටම උපහාරයක්ම වේවා.
එතුමාගේ නාම – ජයසූරිය.
සේවය කරන්නෙ මිනුවන්ගොඩ පොලිස් ස්තානයෙ. (අංක 5764)
(අනෙක් මහතා අංක 57841)උපුටා ගැනීමකි