Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගාවලිය පරාජය වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි 20 ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජයගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමය.

ඇන්ටිගුවාහි කූලිප් ක්‍රීඩංගණයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඇන්ටිගුහා හි කූලීජ් පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 4ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 131ක් පමණියි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දිනේශ් චන්දිමාල් පන්දු 46ක් තුළ නොදැවී ලකුණු 54ක් ලබා ගනිමින් සිය පන්දුවාර විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පස්වන අර්ධ ශතකය වාර්තා කිරීමට අද සමත් විය.

චන්දිමාල්ට අමතරව අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 44ක් ලබාගත්තේය.

අනතුරුව පිටියට පැමිණි කොදෙව් පිතිකරුවන් පන්දුවාර 19කදී කඩුළු 7ක් දැවී ලකුණු 134ක් ලබාගෙන තරගාවලියේ ජය වාර්තා කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලක්ෂාන් සදකැන් කඩුළු 3ක් දවා ගැනීමට සමත් වූ අතර, දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩුළු දෙක බැගින් දවාගනු ලැබීය.

ශ්‍රී ලංකා පිළ ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 තරගාවලියක් 2019 වසරෙන් පසු මෙතෙක් ජය ගෙන  නොමැතිවීම කැපි පෙනෙයි.  ලංකාව අවසන් වරට ජයගත්තේ පකිස්තානයට එරෙහි පන්දුවාර 20 යි 20 තරගාවලිය පමණයි.

දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු 10 වැනිදා පැවැත්වීමට නියමිතය.

Scroll to Top