වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් විසින් ඉංග්‍රීසි කොඩිය පහත දමා අධිරාජ්‍යවාදින්ට එරෙහිව සිංහ කොඩිය එසවිමෙන් 206 ක් වසරක් ගතවීම සනිටුහන් කරමින් සමරු උත්සවයක් මහනුවරදි පැවත්විනි.
මෙහිදි මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මහ මළුවේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රතිමාවහන්සේට පුෂ්පෝහාර දක්වා පැන් වැඩීමෙන් අනතුරුව භික්ෂුන් වහන්සේලා ප්රමුඛව වාරියපොළ හිමියන් විසින් ඔසවන ලද සිංහලේ කොඩිය අතැතිව පෙරහැරින් කැප්පෙටිපොළ ශාලාව දක්වා පිරිස පැමිණියහ.
මෙම සැමරුම් උත්සවයට සමගාමීව දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද සිංහලේ සම්මුතිය මහ සඟරුවන අභියස ජනගත කෙරිනි.
මේ අවස්ථාවේදි මුලසුන අනුසාසනය කල අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬේරුව උපාලි හිමියන් වසර 206 කට පෙර රට ජාතිය වෙනුවෙන් මෙම වීර ක්රීයාව කල සුමංගල හිමියන් සැමරීම එක් දිනයකට සීමා නොකොට සියලු දේශප්‍රේමි සිංහලයන් සැම විටම සැම දිනකම සිහිකොට තබා ගත යුතුබව වදාළහ.
තවද සුමංගල හිමියන් මාහනායක කෙනෙක් නොවු බවත් තනතුරු නොතකා අභීතව නැගී සිටිමින් කල ජාතික ශාසනික මෙහෙවර වර්තමාන භික්ෂු පරපුරටත් මනා ආදර්ශයක් බව පැවසීය.
සිංහලේ සම්මුතිය සඟරුවනගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම දේශප්‍රේමි ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික මතුගම සෙනෙවිරුවන් ,අශෝක මැණික්ගොඩ සහ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක යන මහත්වරුන් විසින් සිදුකරන ලදි.
මොන දේශපාලන විරසකකම් තිබුණත් ප්රභාකරන්ගේ තුවක්කුවටත් , සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා විග්නේෂ්වරන්ලටත් , තිරුචෙල්වම්ලා වගේ උගතුන්ට තියෙන්නේත් එකම පදනමක්. ඒ තමා ඊනීයා දෙමළ නිජභූමිය.
මුස්ලිම් අන්තවාදින්ටත් එහෙමයි. පාස්කු ප්‍රහාරය වෙලාවේ හකීම්ලා, බදුරදීන්ලා, කබීර් හෂීම් ලා , ෆවුසිලා ඔවුන්ගේ දේශපාලන පක්ෂ පැත්තක තියලා ආගම වෙනුවෙන් එකට හිටගත්තා.
මුස්ලිම් සහ දේමල නායකයන් ඔවුන් ගේ වර්ගය සහා ආගම පෙරට ගන්න කොට අපි සිංහල යැයි කියලා පාර්ලිමේන්තුවට ඇරපු අපේ නායකයෝ පක්ෂවලටයි ඊනීයා සාමුහික වගකීමට යට වෙනවා. සුද්දා, අපිව බෙදා වෙන් කරන්න පාර්ලිමේන්තුවයි පක්ෂයයි පාවිච්චි කලා.
දැන් අපි පක්ෂ පාටවලට බෙදිලා කුළල් කා ගන්නවා. ඒ නිසයි අපි දේශප්‍රේමි ජාතික පෙරමුණ හැටියට ගෞරවණිය මහ සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි සිංහලේ සම්මුතිය කෙටුම්පත් කලේ. සියලු සැබෑ දේශප්‍රේමි බලවේගවලට මේ සම්මුතිය යටතේ එක් පෙරමුණකට රොද බැද ගන්න පුළුවන්.
අපේ ජාතියේ සම්මුතිය ආරම්භ වෙන්නේ ගැමුණු රජතුමාගේ උදාන වාක්‍යයෙන්. “මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව, සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා පමණයි” කියලා එතුමා අපේ ආණ්ඩු ක්රමයේ පදනම දාලා දුන්නා. එතැක් පටන් දළදා වහන්සේ සමග බැදුණ රාජ්‍යත්වයක් අපට තිබුණේ.
සෑම රජෙක්ම රාජධානි මාරු කරමින් සටන් කලේ දළදා වහන්සේ සහ සිංහල බෞද්ධ රාජ්‍ය ආරක්ෂා කරන්න. 1815 ගිවිසුමේ පදනමත් මේ දේම තමා. 1818 සහ 1848 විමුක්ති අරගලවල අරමුණ වෙන කිසිවක් නෙමේ බුදු දහම ආරක්ෂා කිරිම. ඒ වගෙම අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරයේ අරමුණත් ඒකමයි.
අද තියෙන්නේ එදා සමාජය නෙමේ. පක්ෂ වලට බෙදුනු සමාජයක්. සටන් භූමිය වෙනස් උනත් සටන් අරමුණේ වෙනසක් නෑ. ඒ නිසා ඒ ඓතිහාසික වගකීම ආර්ක්ෂා කරන්න සිංහලේ සම්මුතියට එක් වන්නයැයි අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
මෙහිදි වාරියපොළ ශ්‍රි සුමංගල හිමි අනුස්මරණ දෙසුම පැවත්වු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එච්. එන්.ආර්. හේරත් මහතා විසින් පවත්වන ලදි. සිංහලේ සහ ඉංග්‍රීසි ජෝර්ජ් රජු සමග අත්සන කල ගිවිසුම සම්භන්ධයෙන් බොහෝ දෙනාට තියෙන්නේ වැරදි අවබෝධයක්.
අපිට වගකීමක් තියෙනවා මේ කරුණු ඓතිහාසික සන්දර්භයක විචක්ෂණශීලිව විග්‍රහා කරගන්න. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය විසින් යටත් කර ගත්ත කිසිම රටක් ගිවිසුම් අත්සන් කරලා නෑ. යුධමය වශයෙන් පරාජය කරපු රටක් එක්ක ගිවිසුමක් ගහන්න අවශ්‍ය නෑ. ඇත්ත වශයෙන්ම 1815 පෙබරවාරි වන කොට ඉංග්‍රීසින් කන්ද උඩරට ආක්‍රමණය කරලා සියල්ල සුන්නදූලි කරලා ඉවරයි.
අමුතුවෙන් අල්ල ගන්න දෙයක් තිබුනේ නෑ.එහෙම තත්වයක් තුල ඇයි ගිවිසුමක් ගැහුවේ. අපේ සංඝරත්නයයි , සටන්කාමීන් සමග එකඟතාවක් නැතුව පාලනයක් ගෙනියන්න බැරි බව ඔවුන් දැන සිටියා. අපි කරපු පරික්ෂණවලට අනුව මේ ගිවිසුම ඉංග්‍රීසියෙන් ලියලා සිංහලට පරිවර්තනය කරපු එකක් නෙමේ.
සිංහලෙන් ලියලා ඉංග්‍රීසියට පරිවර්තනය කරපු එකක්. ගිවිසුම කෙටුම්පත් කරලා තියෙන්නේ වාරියපොල හාමුදුරුවෝ. ගිවිසුමේ වගන්ති පරිස්සමෙන් අධ්‍යනය කරන විට පේනවා එහි අරමුණ වඩුග රජුගේ කෲර පාලනයෙන් සම්බුද්ධ සාසනය රැක ගැනීම තමා එහි අරමුණ කියලා. ගිවිසුම සකස් කලාට ඇත්තටම ඇහෙලපොළ අධිකාරම් එහි අවසාන අත්සන යොදලා තියෙන්නේ මාර්තු 10 වෙනිදා කියලා ඩොයිලිගේ දින පොතේ තියෙනවා.
ගිවිසුමට අත්සන් ගන්න අපේ නායකයෝ පස්සේ යන්න බ්‍රිතාන්‍යයන්ට සිද්ද වුණා. වාරියපොල හාමුදුරුවෝ ඇතුල් කරපු පස්වන වගන්තිය නැතැයි කියලා දිසාව ගිවිසුම අත්සන් කිරිම ප්‍රතික්ෂේප කලා. රොබට් නොක්ස් කිවුවේ සිංහලේ මිනිස්සු මත්පැන් පානය නොකරති කියලා.
නමුත් ඩොයිලි රජතුමාව මත්පැනට පුරුදු කරලා කිසිදු ජාතියකට යටත් කර ගන්නට බැරි උන රටක් අල්ල ගත්ත කියලා සතුටු කඳුලු හෙළුවා කියලා ඉතිහාසය වාර්තා කරනවා.
අදත් අපි බීමට ඇබ්බැහි වුණ බීමත් ජාතියක්. අපිට සැබෑ නිදහස ඕනේ නම් මේ බිමත් කමින් මිදෙන්න ඕනේ. මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ සිංහලේ සමග. සිංහලේ කිවුවම සෙංකඩගල විතරක් නෙමේ, ඇල්පිටිය කරණ්දෙනිය මඩකලපුව සහ යාපනය දක්වා ඊට අයත්.
නල්ලූර් ගිවිසුම අත්සන් කලේ සිංහලෙන්. සමහර මෝඩ උගත්තු කියනවා උඩරට නීතිය කියන්නේ ප්‍රාදේශිය නීතියක් කියලා. ලන්දේසින් පහත රට අල්ල ගන්නට පෙර සමස්ත සිංහලේටම අදාල වුනේ සිංහලේ නීතියයි.
උඩරට නීතිය කියලා කියන අය අදත් සේවය කරන්නේ ඒ යටත් විජිතවාදයටමයි. සෑම රටකටම විශේෂිත සංස්කෘතික සාරධර්ම පද්ධතියක් තියෙනවා. ඒ නිසා තමයි ඇමරිකානු ඩොලරයේ දෙවියන්ගේ නාමයෙන් කියලා සඳහන් වෙන්නේ. අපේ සාරධර්ම පද්ධතිය පදනම් වෙලා තියෙන්නේ බුදු දහම මත. ඒක ගැන ලොකෙට කියන්න බය වෙන්න ඕන නෑ.
මෙහිදි විශේෂ සමරු දෙසුම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන මහතා ව්සින් පවත්වන ලදි. සම්බුද්ධ සාසනයේ ආරක්ෂාව අපේ අලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්ප්රදායේ පදනමයි. මහින්දාගමනය තෙක් සිංහල රාජ්‍යත්වයක් තිබුණු අපට මහින්දාගමනය සමග සිංහල බෞද්ධ රාජ්‍යක් ඇති වුණා. බුද්ධාගම සමග ලංකාවට අශෝක බෞද්ධ රාජ්‍ය තන්ත්රයේ අභාසයත් ලැබුණු බව ට්රේවෝලින් ප්‍රකාශ කර තිබෙනවා. ඉන් අදහස් වෙන්නේ අපේ සමාජය ප්‍රධාන ස්ථර තුනක් මත පිහිටා තිබු බවයි.
සංඝරත්නය, ජනතාව සහ රජු ඒ තුන් ස්ථම්භයයි. භික්ෂුව රජුට සහ වැසියන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කරනවා. රජු ආරාම වෙහෙර ඉදිකරමින් බුදු සසුන රකිනවා. ජනතාව භික්ෂුවට සිවුපසින් සංග්‍රහා කරනවා. මේ ස්ථරයන් අතර සමතුලිතතාව ආරක්ෂා වන විට තමා සිංහල බෞද්ධ රාජ්‍යයේ සාර්ථකත්වය සහ ස්ථාවරත්වය රඳා පවතින්නේ.
1815 වන විට සිංහලේ රාජ්‍යයේ වඩුග රජුගේ ක්‍රියාකලාපය නිසා මේ සමතුලිතබව බිඳ වැටුණා. රාජ්‍යත්වය උදෙසා වඩුග දේශයෙන් බිරින්ඳැවරුන් ආනයනය කිරිම නිසා රාජ්‍ය සිංහල බෞද්ධ උනත් රජුට වෙනත් අභිලාෂයන් තිබුණා. අවසානයේදි රදල නායකයන් භික්ෂුන් වහන්සේ සමග රජු ඉවත් කිරිමට අරගලයට පිවිසියා.
මේ අරගලය තුන් කොන් සටනක් බවට පත්වුනා. රජුට පක්ෂපාති පිරිස්, භික්ෂුන් වහන්සේ ප්රමුඛ ඇහෙළපොල ඇතුලු උඩරට නායකයන් සහ උඩරට අල්ලා ගැනීමට මාන බලමින් සිටි ඉංග්‍රීසින්. ගිවිසුම ඇති කර ගත්තේ තාවකාලික සම්ප්රයෝගයක් වශයෙන් ඉංග්රීසින්ගේ සහය ඇතුව වඩුග රජු නෙරපන්න.
ගිවිසුමේ මුල් වගන්ති තුන මේ බව ඉතා පැහැදිලිව පෙන්වා තිබෙනවා. ඉංග්‍රීසින් එකඟව සිටියා බුද්ධාගම ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරන්නත් ඇහෙළපොලට යුව රජ තනතුරක් දෙන්න.
ඒ එකඟතාවන් ඒ අකාරයෙන් සිදු නොවීම මත උඩරට විමුක්ති අරගලයට මග පෑදුවා. 1815 න් අදත් අපට ඉගෙන ගන්න තියෙන පාඩම, ලෝකයේ පුංච් ජාතියක් වශයෙන් මහා ජාතින් එක්ක ගණුදෙනු කරද්දි අපේ අභිලාෂයන් දිනා ගැනිමට වඩාත් උපක්රමශීලි වියයුතු බවයි.
අනතුරැව සභාව ඇමතු හන්තාන ත්‍රිපිටක ධර්මායතානාධිපති පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමියන් අපි මේ රජය බලයට ගෙනාවේ සිංහල බෞද්ධකම රැක ගන්න. දැන් අපේ බලාපොරොත්තු එකිනෙක දියවෙමින් යනවා.
අලි ශබ්රි ජනාධිපතිතුමාට පෞද්ගලිකව කරපු සහ කරන උදවු උපකාරවලට සමස්ත ජාතියටම වන්දි ගෙවන්න බෑ. ඒ නිසා අපි මේ සභාවට යෝජනා කරනවා අලි ශබ්රි වහාම අධිකරණ අමාත්‍යධූරයෙන් නෙරපිය යුතුබව.
ඒ සඳහා සභාවේ අනුමැතිය ලබා දෙන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටි අතර සියලු දෙනා අත් ඔසවා අනුමත කලහ. මීට අමතරව බෞද්ධ විහාරස්ථානවලට අයත් මීරක්කන් පල්ලිය ඇතුලු අනෙක් ආගම් සඳහා පවරා ඇති සියලු ස්ථාන නැවත පවරා ගැනීමටත් දැනට මහමළුවේ තැන්පත් කර ඇති කැප්පෙටිපොළ විරුවාගේ හිස් කබල අනාගත පරපුරට දැකගත හැකි පරිදි ඔසවා තැබීමටත් උන්වහන්සේ කල යෝජනා ඒකත් චන්දයෙන් සභා සම්මත විය.