පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පන වැලක් සිදුව ඇති අතර, අද අලුයම් කාලයේ සිදුවූ ඉන් එක් භූ කම්පනයක් රික්ටර් පරිමාණයේ 8.1 ක ප්‍රබලතාවකින් යුක්තයි.
නවසීලන්තයට අයත් කර්මැඩෙක් දිවයින් ආශ්‍රිතව මුහුදේ කිලෝ මීටර 10 ක් ගැඹුරෙන් එම භූ කම්පනය සිදුව තිබෙනවා.
ඊට පෙර එම කලාපයේ රික්ටර් පරිමාණයේ 7.4 ක සහ 7.2 ක භූ කම්පන දෙකක්ද සිදුවුණා.
මෙම භූ කම්පන හේතුවෙන් පැසිෆික් කලාපය ආශ්‍රිතව සුනාමි අවදානමක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.