ජපන් රජය මගින් බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ආධාර ව්‍යාපෘතිය (GGP) යටතේ, අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයට අයත් ලහුගල ප්‍රදේශයේ පිරිසිදු ජලය සැපයීමට අවශ්‍ය පද්ධතියක් ඉදිකිරීම සඳහා, ඇමරිකානු ඩොලර් 85,682 ක (දළ වශයෙන් රුපියල් මිලියන 16 ක) ආධාර මුදලක් ලබා දී ඇත.
මේ සදහා වන ආධාර ගිවිසුම සඳහා අත්සන් තැබිම කොළඹ පිහිටි ජපන් තානාපති කාර්යාලයේදීල ජපන් තානාපති සුගියම අකිරා මැතිතුමා සහ ග්‍රීන් ක්‍රොස් ශ්‍රී ලංකා ආයතනයේ සභාපති ආචාර්ය ජගත් සෙනිවිරත්න මහතා අතර සිදුකරන ලදී.
ග්‍රීන් ක්‍රොස් ශ්‍රී ලංකා ආයතනය ආරම්භයේ එනම් 2005 වර්ෂයේ සිට ජීවිතයට ජලය සහ සාමය” යන වැඩසටහන ඔස්සේ ජලය සහ සනීපාරක්ෂාව ප්‍රජාවට ළඟා කර දීම මගින් ළමුන්ගේ සහ තරුණයින්ගේ සුභ සාධනය සහ අධ්‍යාපනය තහවුරු කිරීමට සැලකිය යුතු කාර්ය භාරයක් සිදුකර ඇත.
ජනගහනය 1500 පමණ වන වියළි කළාපයේ ලහුගල ග්‍රාමනිලධාරී කොටිධාශයේ පානීය ජල හිඟය ඉතා උග්‍ර ලෙස පවතී.බහුතරයක් ගමිවාසීන්ට සතියකට වරක් බවුසරයක් මගින් ජලය සපයන අතර එය බොහෝ විට පවුල් පරිභෝජනයට නොසෑහෙයිග අනෙකුත් ජල මූලාශ්‍ර කොතෙකුත් තිබුන ද පානීය ජල පරිභෝජනයට ඒවා නොසුදුසු වන්නේ එම මූලාශ්‍ර කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් දැඩිලෙස අපවිත්‍ර වී ඇති බැවින් වන අතර ජලයෙන් බෝවන රෝග රාශියකට එය මගපාදන බැවිනි.
එහෙයින් මෙම ග්‍රාමයේ සියලුම පවුල් ඒකක සඳහා අඛණ්ඩව පිරිසිදු ජලය ලබා දීම සඳහා ජල පෙරණ පහසුකමි ඇතිකිරීමටත් වතුර ටැංකියක් ඉදිකිරීමට සහ පයිප්ප බට දැමීම ආදී කටයුතු සඳහා මෙම ප්රදානය යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.
මෙම ආධාර මුදල පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය සෙනිවිරත්න මහතා ප්‍රකාශ කර සිටියේ.
මෙම ව්‍යාපෘතිය යටතේ අඩු පහසුකමි සහිත ග්‍රාමීය ප්‍රදේශවල පවුල් රාශියකට තමන්ගේ එදිනෙදා කටයුතු කරගැනීමට පිරිසිදු ජලය ලැබෙනවාල විශේෂයෙන් දීර්ඝකාලයක් නොතිබුණු පානීය ජල පහසුකම ලැබීම පිළිබඳව ජාතියක් වශයෙන් කෘතවෙිදී වන බව ග්‍රීන් කෝරස් සතුටින් ප්‍රකාශ කර සිටිනවාග උග්‍ර ජල හිඟතාවය සහ අපිරිසිදු ජලයෙන් සෑදෙන රෝග බහුල වීම නිසා බොහෝ ගම්වැසියන් වකුගඩු රෝග වලින් පීඩා විඳිනවා. නමුත් අපිට සහතික විය හැකියි මෙි ව්‍යාපෘතිය මගින් මෙම බාධාවන් ඉවත්වෙලා අපගේ ඉදිරි පරමිපරාවට නව බලාපොරොත්තුවක් ඇතිව ජීවත් වීමට හැකිවෙයි කියල.
මහඔය දිස්ත්‍රික් මූලික රෝහලේ වාර්තාවන්ට අනුව ටැමිපිටිය සහ පුලාවල ප්‍රදේශ වල අප විසින් ජල ව්‍යාපෘති ඇතිකිරීමෙන් පසු වකුගඩු රෝගීන් හා අපිරිසිදු ජලය මගින් ඇතිවන රෝග වලින් පීඩා විඳින්නන්ගේ ප්‍රමාණය සැලකිය යුතුලෙස අඩුවී තිබෙනවා. මෙම ප්‍රදේශයේ ද එවැනි යහපත් තත්වයක් ඇතිවෙි යයි අප බලාපොරොත්තු වනවා.
මෙම ව්‍යාපෘතිය අපට ලබාදීම පිළිබඳව ජපන් රජයට හා ජපන් තානාපති කාර්යාලයට ස්තූතිය පලකරන අතර මෙම ව්‍යාපෘතිය සාර්ථකව ආරමිභ කිරීමටල ජපානයේ ග්‍රීන් ක්‍රොස් ආයතනය අපට දැක්වූ ඉමහත් සහයෝගයට අපි අවංකවම ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා.”