පෙබරවාරි මාසයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිළ ස්ථාවර කිරීම සම්බන්ධව වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා විසින් මෙම ඉල්ලීම සිදු කරන ලදී.
අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ “සහල් කිලෝවක් රු100කට අඩුවෙන්ද සීනි කිලෝවක් රු99කටද, තිරිඟු පිටි කිලෝවක් රු84කට, පරිප්පු කිලෝවක් රු150කටද, කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රු 355කටද, කුකුල් මස් කිලෝවක් රු 400කටද, සතොස හා සමුපකාර වෙළෙඳසැල් හරහා පෙබරවාරි මාසයේ සිට අලෙවි කල අතර මාර්තු, අප්‍රේල් යන මාස දෙක සඳහා ද මෙම ස්ථාවර මිළ යටතේ අලෙවිකරන බවයි”.
සෘජු ආනයනකරුවන් හා දේශිය නිෂ්පාදකයින්ගේ භාණ්ඩ ස්ථාවර මිළ ගණන් යටතේ රජය විසින් මිළදී ගෙන පාරිභෝගිකයා වෙත ලබා දීම තුළින් සතොස ජනවාරි මාසයට වඩා 55%ක ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකි වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කරන ලදී.
පාසල් ළමුන් සඳහා වෙළෙඳපොලෙහි පවතින මිළට වඩා අභ්‍යාස පොත් අඩුමුදලකට සහ රු300ක් අඩුවෙන් සපත්තු යුගලක් මේ මාසයේ සිට සතොස හරහා මිළදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකි වන බවත්, ඉදිරියේදී “මෙගා සතොස” නමින් විශාල පරිමාණයේ සතොස අලෙවිසැල් දිවයින පුරා ආරම්භ කරන බවත්, රාජ්‍ය ආයතනවල සේවය එකම වහලක් යටතේ ලබා ගැනීමේ “රජවාස” මධ්‍යස්ථාන වව්නියාව, මඩකලපුව, හම්බන්තොට ආදි ප්‍රදේශවල ආරම්භ කිරීමට මෙම වසර තුළ කටයුතු සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදි පැහැදිලි කරන ලදී.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, ලංකා සතොස සභාපති රියාද් අද්මිරාල් ආනන්ද පිරීස්, සතොස ප්‍රධාන විධායක නිළධාරිතුමා ඇතුළු මහත්ම මහත්මින් පිරිසක් එක්ව සිටියහ.