විවිධාකාරයේ වධහිංසාවට ලක්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන්ගේ තාවකාලික රැකවරණය වෙනුවෙන් පිහිටවුවා ඇති මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු සදහා තව දුරටත් රාජ්‍ය නොවන සංවිධාන වල සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම තාවකාලික රැකවරණ සැලසීම පිණිස උතුරු, නැගෙනහිර, බස්නාහිර හා සබරගමුව යන පළාත්වල තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කර ඇත.
ඒ අතුරින් යාපනය, මුලතිව්, මඩකලපුව, කොළඹ හා මාතර පිහිටි රැකවරණ මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සදහා 2018 වර්ෂයේ සිට Women in Need (WIN) සහ Jaffna Social Action Center (JSAC) යන රාජ්‍ය නොවන සංවිධාන සමග ගිවිසුම්වලට එළඹ ඇත.
2021 වර්ෂය තුළදී ද අදාළ රැකවරණ මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සදහා එම රාජ්‍ය නොවන සංවිධානයන්හි සේවය ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා මාර්තු 01 සදුදා රැස්වු කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මෙළෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.