අනුරාධපුර නගරයට සෑම වර්ෂයකම බලපාන ගංවතුර තර්ජනයට පිළියමක් ලෙස මල්වතු ඔය ප්‍රතිසංස්කරණ කිරීමේ තෙවැනි අදියර සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මල්වතු ඔය අසලදී ආරම්භ කෙරිණි.
සෑම වර්ෂයකදීම පවතින දැඩි වර්ෂාවත් සමග මල්වතුඔය ආශ්‍රිතව ඇතිවන ගංවතුර තත්වය පාලනය කිරීම හා මල්වතුඔය වැඩිදියුණු කර මහජන පීඩාවන් අවම කිරීම සඳහා ජර්මන් පාලම අසල සිට කොහොඹගස් හංදිය ගල්කඩවල අමුණ දක්වා කිලෝමීටර් අටක් ප්රතිසංසකරණය සිදු කෙරේ.
අනුරාධපුර මල්වතු ඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවදානම අවම කිරීම සඳහා ආපදාවට පෙර සූදානම වැඩසටහන යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු අදියර 2018 වර්ෂයේදී ජර්මන් පාලම අසලදී එවකට හිටපු කෘෂිකර්ම හා වාරී මාර්ග අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ආරාධනයෙන් සමාරම්භ කෙරිණි.
ඉන් පසු සිදු වූ කැබිනට් අමාත්‍යය ධූරවල වෙනසත් සමගින් මල්වතු ඔය සංවර්ධන කටයුතු ඇණ හිට තිබුණු අතර, එහි දෙවන අදියර ලෙස 2019 වර්ෂයේ මුල් භාගයේ මල්වතු ඔය ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
අනුරාධපුර මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් වාර්ෂිකව ඇතිවන ගංවතුර අවදානම අවම කිරීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාවට නංවනු ලබන්නේ වාරි මාර්ග අමාත්‍යාංශය මගින්ය. දීර්ඝ කාළයක් පුරා. රොන් මඩ පිරීම හා ආක්රමණික ශාඛ ව්‍යාප්තිය හේතුවෙන් අවහිර වී තිබෙන මල්වතු ඔයේ පවතින ආක්රමණික ශාඛ හා රොන් මඩ ඉවත් කර ඔය පුළුල් කර ජලය ගලා යාමට ඇති බාධාවන් ඉවත් කිරීම මෙමගින් සිදු කෙරේ.
ගංවතුර අවදානම පවතින ප්‍රදේශවල ගග දෙපස ඉවුරු ශක්තිමත් කිරීම, ජල මාර්ග හා ඇල වේලි ශුද්ධ පවිත්‍ර කිරිම, රොන් මඩ ඉවත් කිරීම, පැති බැමි ඉදිකිරීම් ඇතුළු ගංවතුර අවදානම අවම කිරිමේ ව්‍යාපෘතිය යටතේ මල්වතු ඔය ආශ්‍රිතව ක්‍රියාමක කරනු ලබයි. වසර ගණනාවකින් ප්රථිසංස්කරණයක් සිදු නොවීම හේතුවෙන් ආක්රමණික ශාඛ විශාල වශයෙන් මල්වතු ඔය අක්‍රමණය කර තිබීම හේතුවෙන් පහසුවෙන් ජලය ගලා යා නොහැකි වීමෙන් සුළු වර්ෂාපතනයකදී පවා මල්වතු ඔය පිටාර ගලා ගංවතුර තත්වයක් සුළු වර්ෂාපතනයකදී පවා පැවති අතර මේ වන විට මල්වතු ඔය අදියර දෙකක් යටතේ සුද්ධ පවිත්‍ර කර තිබීම හේතුවෙන් එම අවධානම පහව ගොස් ඇත.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද මල්වතු ඔය ප්‍රථිසංස්කරණය කිරීමේ තෙවැනි අදියර සුභ මොහොතින් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා විසින් ආරම්භ කළ අතර, ඉන් අනතුරුව මල්වතු ඔය ගොඩවී ඇති අයුරු හා මල්වතු ඔය හරහා ඉදි වන නව පාලමද අමාත්‍යයවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,
අතිගරු ජනාධිපතිතුමා අද කථා කරන සංවර්ධනය එතුමා දකින්නේ කළ යුතු වැඩේ කළ යුතුයි කියලා, ඒ වැඩේ අවසන් කිරීමයි එතුමාගේ බලාපොරොත්තුව,මේ ව්‍යාපෘතියේදී අපේ බලාපොරොත්තුව වෙලා තියෙන්නෙත්,මේ වැඩේ අවසන් කළ දවසට තමයි මේ වැඩේ ඉවරයි කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ.එහෙම නැතිව මට දේශපාලඥයෙක් විදිහට බොහෝම ලේසියට කියන්න පුළුවන් මම ඇමති කාලේ පටන් ගත්තා,හැබැයි මම ගියාට පස්සේ නැවතුනානේ කියලා මටත් අත පිහදා ගන්න පුළුවන්, මොකද ඇමතිවරු ගණනාවක්ම මාරු වුණා,ඊළඟට ආණ්ඩුත් මාරු වුණා.මගේ කාලේ මම කරන්න හැදුවා, හැබැයි දැන් නම් මට කරන්න දෙයක් නෑ කියලා බේරෙන්න පුළුවන්කම තියෙනවා.හැබැයි විය යුත්තේ ඒක නෙමෙයි, අපි අනුරාධපුරය ගැන හිතුවත්,රට ගැන හිතුවත් කළ යුතු වැඩේ හරියට කෙරුවොත්, අන්න ඒක තමයි රටේ සංවර්ධනය යම් ඉදිරියට යෑමක් වුණා කියන අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ.
ඉතිහාසයේ මේ හොඳ වැඩේට මම බැනුම් ඇහුවා,දේශපාලන වශයෙන් මඩත් කෑවා, වැඩේ අවශ්‍යතාව තියෙන නිසා ඒ සියලු දේට අපිට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණා.මේකෙන් වැඩියෙන්ම බැට කන්නේ මල්වතු ඔය දෙපස කුඹුරු හිමි ගොවියෝ, වගේම මල්වතු ඔය දෙපස පදිංචිකරුවෝ,හැම අවුරුද්දේම ඇවිත් බත් පැකට් බෙදනවා, මාධ්‍ය හැම වර්ෂයකම මේ ටික පෙන්නනවා.මෙච්චරක් වතුරෙන් යට වුණා, අන්න දුමින්ද ඇමතිතුමා ඇවිත් බත් පැකට් බෙදුවා කියලා.ඒ ගෙවල් වල කට්ටිය හැම අවුරුද්දේම අදෝනාව කියනවා.ළමයින්ට පොත් පත් ටික නැති වෙනවා, ගෙවල් වල තියෙන විදුලි උපකරණ විනාශ වෙනවා.
මේ දේට හැම අවුරුද්දේම මුදලක් වෙන් කරලා ගමේ අයට ගංවතුර ආවම සහනාධාර දෙනවා.ඒ වගේම මේ මල්වතු ඔය දෙපස කුඹුරු යට වෙන කොට ඒ ගොවීන්ට කිසිම හවුහරනක් ලැබුනේ නෑ.වන්දියක් ලැබුනේ නැති වුණාම පාඩුව විදගෙන ආණ්ඩුවට, වැස්සට, ගංවතුරට බැන බැන ඉන්නවා, කවදාවත් මේ ප්රශ්නය ඉවරයක් වුණේ නෑ,හැබැයි මේ මල්වතු ඔය ප්‍රථිසංස්කරණය කිරීම අංග සම්පූර්ණව නිම කර ගත්තාම,අපිට පුළුවන්කම ලැබෙනවා ස්ථිරසාර විසදුමක් ගංවතුරට ලබා දෙනවා වගේම, මේ වගා බිම් ජලයෙන් යටවෙලා සිදු වෙන හානියෙන් ගොවීන් නිදහස් කර ගන්න පුළුවන්කම තියෙනවා.
1948 ඉඳන් අපි ආණ්ඩු කරලා තියෙනවා, සංවර්ධන කරලා තියෙනවා, ඇමතිවරු ඉඳලා තියෙනවා,වෙච්ච දේවල් ගත්තාම අපිට සතුටු වෙන්න පුළුවන් දේවලුත් තියෙනවා,සතුටු වෙන්න බැරි දේවලුත් තියෙනවා, අපි හැමෝම අද ඉන්නේ අලුත් ගමනක, වේගවත් ගමනක, ඉලක්කයක් හඹාගෙන යන ගමනකයි ඉන්නේ යැයි පැවසීය.
මල්වතු ඔය සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්ත ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමට මැදිහත්වීම සම්බන්ධයෙන් වාරී මාර්ග නිළධාරීන් මෙන්ම මල්වතු ඔයට සම්බන්ධ ගොවි සංවිධාන හා මල්වතු ඔය දෙපස පදිංචිකරුවන් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට එහිදී ස්තූතිය පුද කළහ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, වාරී මාර්ග දෙපාර්තමේන්තු නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.