මෙරට පුද්ගලයින් ලක්ෂ 05 කට අධික සංඛාවකට කොවිඩ් 19 එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඊයේ (01) දිනය තුළ පමණක් එන්නත් 42, 925ක් ලබා දී ඇත.
ඒ අනුව එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 509,275 ක් වේ.
මෙරට කොවිඩ් -19 ආසාදිතයින් වෙනුවෙන් ඉන්දියාව විසින් ලබාදුන් පළමු එන්නත් තොගයේ එන්නත්කරණ කටයුතු ජනවාරි මස 29 වනදා ආරම්භ කෙරුණි.