කොරෝනා ආසාදිත සිසුන් 38 දෙනකු මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිිටින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
මෙම පිරිස රෝහල්ගතව සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටින බවද ඒ මහතා කීය.
ඊයේ (01දා) ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය ඉතා සාර්ථකව පැවැත්වෙන බව තමා සිදුකළ නිරීක්ෂණවලදී සහ ලබාගත් තොරතුරු මත ප්‍රකාශ කළහැකි බවද ඒ මහතා පැවැසීය.
විභාග මධ්‍යස්ථානවල සෞඛ්යාරක්ෂිත භාවය ආරක්ෂාවන පරිද්දෙන් දරුවන් විභාගයට ඉදිරිපත් වී සිටි බව කී ලේකම්වරයා විභාගය අවසන් වනතෙක් එය ආරක්ෂා කරගෙන යෑමට කටයුතු කරන බවද කියා සිටියේය.