ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ අධ්යක්ෂක ලෙස ටොම් මුඩි පත් කර තිබෙනවා.
ඔහුගේ කාර්යභාරය උපදේශන පදනම මත වන අතර ඔහුගේ ගිවිසුම්ගත තෙවසරක කාලය තුළ ඔහුට දින 300 ක ‘අනිවාර්ය පැවරුම’ ඉටු කිරීමට සිදුවනු ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ටොම් මූඩි මීට පෙර ජාතික ක්රිකට් කන්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කළ අතර 2007 ලෝක කුසලාන අවසන් තරගය සඳහා කණ්ඩායම රැගෙන ඒමට ද සමත් විය.