Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බස් රථ වලට දඩ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම පළාත තුල පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මගීන් පීඩාවට පත්වන පරිද්දෙන් මගී ප්‍රවාහන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙහිදී බස් ගාස්තු ද වැඩි කර සහන සලසා ඇති අවස්ථාවක ජනතාව පීඩාවට පත් වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, ශ්‍රී.ලං.ගම සහ පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ඒකාබද්ධ ධාවන සැලසුමක් ඔස්සේ මගීන්ට සහ බස් හිමියන්ට පහසුවක් වන පරිද්දෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පළාත් ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දී ඇත.

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ අනුමත මගීන් ප්‍රමාණයට වඩා බස් රථ වල මගීන් ප්‍රවාහනය කිරීමේදී අවස්ථා 3ක් යටතේ කටයුතු කිරීම සදහා මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය කටයුතු කරමින් සිටින බවත්, ඒ අනුව පළමු අවස්ථාවේදී අනුමත ප්‍රමාණයට වැඩියෙන් ප්‍රවාහනය කරන එක් මගියෙකුට රුපියල් 100 වන පරිදිත් , දෙවන අවස්ථාවේදී අනුමත ප්‍රමාණයට වැඩියෙන් ප්‍රවාහනය කරන එක් මගියෙකුට රුපියල් 250 වන පරිදිත් , තෙවන අවස්ථාවේදී අනුමත ප්‍රමාණයට වැඩියෙන් ප්‍රවාහනය කරන එක් මගියෙකුට රුපියල් 500 වන පරිදිත් දඩ අය කිරීමටත් තෙවන අවස්ථාවේදී බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය විය.

Scroll to Top