Aboutceylon Online

අනුර සේනානායක මියයයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා කලක් තිස්සේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියේය.

1973 වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා පොලිස් සේවයට එක්වූ සේනානායක මහතා, 2015 වසරේ මාර්තු මස 18 වැනිදා සේවයෙන් විශ්‍රාම ලැබීය.

එවක වසීම් තාජුඩීන් නමැති රගර් ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් වන සාක්‍ෂි වසන් කළ බවට එල්ල වූ චෝදනාව මත පැවති ආණ්ඩුව සමයේ ඔහු අත්අඩංගුවට ගැණුනු අතර, මාස ගණනාවක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.

අනුර සේනානායක මහතා ගායන ශිල්පියෙකු ලෙස 80 දශකයේ එළිදැක්වූ ගීත කිහිපයක් තවමත් ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ජනප්‍රියව පවතී. කුරුළු පොඩිත්තෝ, මාගේ කිරිල්ලී යන ගීත ඉන් ප්‍රධානයි.

Scroll to Top