Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

චමින්ද වාස්ගේ තිරණය සාධාරණද?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් හදිසි තීරණයක් ගනිමින් කොදෙව් සංචාරයට පැය කීපයකට පෙර වේග පන්දු පුහුණුකාර ධූරයෙන් ඉල්ලා අස්වීම පසුපස විවිධ කතාන්තර  වාර්තාවී තිබේ.

ඔහු දිගු කලක් තිස්සේ රටගැන තැකූ විශිෂ්ට ක්‍රීඩකයෙකි. එක්වරම ඉල්ලා අස්වීම පසුපස ඔහු රට ගැන නොහිතා දීමනාව ගැන සිතන ආත්මාර්තකාමියෙකු යයි විවේචන මතුවෙමින්ද පවතී.

චමින්ද වාස් දන්වා ඇත්තේ සිය දීමනාව සම්බන්ධ ගැටලුව සාධාරණ එකක් බවයි.

මින් පෙර වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් ශේඛර් එකදු ටෙස්ට් හෝ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කළ අයෙක් නොවූ පසුබිමක ඔහු ක්‍රිකට් ආයතනය මගින් මාසිකව ඇමරිකානු ඩොලර් 10,000 ක වැටුපක් ලබා තිබුණි.

මේ අතරවාරයේ කළමනාකරණ අංශයේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වාස් සේවය කරමින් සිටියේ ඩොලර් 3000ක මාසික වැටුපකටය.

“මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිහතමානී ඉල්ලීමක් කළා. ක්‍රිකට් ආයතනය එය ඉවත දැමුවා. මේ අවස්ථාවේදී මට කියන්නට තිබෙන්නේ එපමණයි. යුක්තිය ඉදිරියේදී ජයගනිවී” යැයි වාස් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර සිටියේය.

Scroll to Top