Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වී සහ පොහොර ගබඩා වෙනුවට රාහුලයට දෙමහල් ගොඩනැඟිල්ලක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
වී හා පොහොර ගබඩා වල වසර ගණනාවක් ප්‍රාථමික පන්ති පවත්වාගෙන ගිය එප්පාවල රාහුල විද්‍යාලයට නව දෙමහල් ගොඩනැඟිල්ලක්.
පාසල ආරම්භයේ සිට වසර 25 කට වැඩි කාළයක් ප්‍රාථමික පන්ති පවත්වාගෙන යාම සඳහා භාවිත කළ වී සහ පොහොර ගබඩා වෙනුවට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලය සඳහා අංග සම්පූර්ණ දෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ලක් සිසු අයිතියට පත් කිරීම සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.පවතින කොරෝනා තත්වය හේතුවෙන් මෙම ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම නිරෝධායන නීති වලට අනුකූලව ඉතා චාම්ව සිදු කෙරිණි.
සිසු අයිතියට පත් කළ නව ගොඩනැගිල්ල අමාත්‍යයතුමන්ගේ නිරීක්ෂණයට ලක් වූ අතර මෙම විද්‍යාලයේ තවත් වී සහ පොහොර ගබඩා වල පවත්වාගෙන යනු ලබන පන්ති කාමරද රාජ්‍යය අමාත්‍යයවරයාගේ අවධානයට යොමු විය, කඩිනමින් තවත් අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් එප්පාවල ශ්‍රී රාහුල විද්‍යාලයට ලබා දීම සඳහාද එහිදී අමාත්‍යයවරයා පොරොන්දු විය.
මෙම අවස්ථාවට අනුරාධපුර මිහින්තලය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සරත් ඉලංගසිංහ, තලාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති සරත් දිසානායක, තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන මද්දුම බංඩාර, ගයාත්‍රී දිනේෂ් යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් , විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුලු ගුරු භවතුන් පිරිසක් එක්විය.
තිසර සමල් – එප්පාවල
Scroll to Top