Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාබනික පොහොරෙන් අස්වැද්දූ ගොවිතැනේ පළමු අස්වැන්න අගමැතිට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පොහොර නිෂ්පාදන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය  නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ගේ උපදෙස් අනුව දිවයින පුරා කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමේ ඉලක්කයේ ප්‍රථම අදියරේ අස්වනු නෙලීම පසුගියදා ගාල්ල ප්‍රදේශයේ දී සිදුවිනි.

මෙම අස්වැන්න 100% ක් කාබනික පොහොර යොදා ලබාගත් අස්වැන්නක් වන අතර එහි පළමු කොටස අග්‍රාමාත්‍යතුමාට පිලිගැන්වීම පසුගිය දා අග්‍රාමාත්‍ය නිළ නිවසේදී සිදුවිනි.



මෙම වැඩ පිළිවෙල ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කීරීම මගින් පොහොර ආනයනය සඳහා පිටරටට ඇදීයන මුදල් සියල්ලම පාහේ ඉතිරි කරගත හැකි බවත්, රසායනික පොහොර නිසා පස නිසරු වීමේ අවදානම වලක්වා ගත හැකි වනවා සේම රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබාදීමට හැකියාව ලැබෙන බවත් අග්‍රාමාත්‍ය තුමා අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම කර්තව්‍ය අගය කළ අග්‍රාමාත්‍ය තුමා, ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් එතුමාගේ පූර්ණ සහාය ලබා දෙන බවද පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යා මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමාහට ප්‍රකාශ කළේය.

Scroll to Top