ප්‍රධාන වශයෙන් ගත් කල, උතුරු කොරියානු හමුදාව ලෝකයේ විශාලතම හමුදාවන්ගෙන් එකකි.
“ ඔවුන් රටේ ආරක්ෂාව පමණක් නොවේ, ඔවුන් උතුරු කොරියාවේ සමස්ත අනන්‍යතාවයේම කොටසක්” ලෙසයි සදහන් වන්නේ.
උතුරු කොරියාව, ඇමෙරිකාවෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පැනැවූ සම්බාධකවලින් ‘මිරිකුණු’ රාජ්‍යයකි. අවස්ථා ගණනාවකදී, ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට ආර්ථික මෙන්ම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින්ද සම්බාධක පැනවීය.
සම්බාධක නිසාම උතුරු කොරියාව ලොවෙන් හුදෙකලාවී ඇත. සම්බාධක පැනැවීමේ අරමුණ ද එයයි.
කොරියානු යුද්ධය අවසන් වෙද්දී උතුරු සහ දකුණු වශයෙන් බෙදී වෙන්වුවත් මෙම රටවල් දෙකෙහිම ඇත්තේ එකම ජාතියකි. ඇමෙරිකාවේ සහාය ලැබෙන්නේ දකුණු කොරියාවටය.
ඇමෙරිකන් කඳවුරු දකුණු කොරියාවේ පිහිටුවා ඇත. ආසියානු කලාපයේ බලය තහවුරු කරගෙන සිටින චීනයට එය තර්ජනයකි. දකුණු කොරියාව සමඟ එක්වී, ඇමෙරිකාව යුද අභ්‍යාස පවත්වද්දී, උතුරු කොරියාව ඊට එරෙහිව තර්ජන ගර්ජන එල්ල කරද්දී, චීනය පැත්තකටවී සිටින්නේ එහෙයිනි.
‘හමුදාවට මුල් තැන’ යන සංකල්පය යටතේ ජනතාව කුසගින්නේ සිටියත් උතුරු කොරියාවේ හමුදාව ශක්තිමත්ය. ලෝකයේ අනිත් රටවල තර්ජනවලට තමන් බය නැතැයි පෙන්වමින්, උතුරු කොරියාව හමුදා පෙරහුරු පවත්වමින් ඔවුන්ගේ යුද ශක්තිය ලොවට ප්‍රදර්ශනය කර ඇත.
එමෙන්ම, උතුරු කොරියා නායක කිම් ජොන් උන් වෙනුවෙන් දිවි පිදීමට උතුරු කොරියානුවන් පැකිළෙන්නේ නැතැයි ද වාර්තා වේ.
උතුරු කොරියානු ගුවන් සීමාව ලොව වඩාත්ම ආරක්ශිත විධිවිධාන යොදන ලද ගුවන් සීමාව ලෙස සැළකේ. සතුරු යානා හඳුනාගන්නා රේඩාර් පද්ධති සෑම ගමකම හා නගරයකම පිහිටුවා ඇති අතර දහස්ගණන් සෙබළුන් දිවා රෑ මෙම රේඩාර් තිර නිරීක්ශණය කරමින් සිටී.
එමෙන්ම උතුරු කොරියාව සතුව 15000කට අධික උරහිස මත තබාගෙන විදින ගුවන් යානා නාශක මිසයිල පද්ධති සංඛ්‍යාවක් ඇත.
Korean People’s Army හෙවත් කොරියානු ජනතා යුධහමුදාව ලෙස හැඳින්වෙන උතුරු කොරියානු යුධ යන්ත්‍රය කොටස් කිහිපයකට බෙදා පරිපාළණය කරනු ලැබේ.
1. කොරියානු ජනතා ගොඩබිම් හමුදාව (Korean People’s Army Ground Force)
2. කොරියානු ජනතා නාවික හමුදාව (Korean People’s Navy)
3. කොරියානු ජනතා ගුවන් හමුදාව (Korean People’s Air Force)
4. උපායමාර්ගික රොකට් බළකාය (Strategic Rocket Forces)
5. උතුරු කොරියානු විශේෂ මෙහෙයුම් බළකාය (North Korean Special Operations Force)
6. ගොවි-කම්කරු රතු හමුදාව (Worker-Peasant Red Guards)
*Korean People’s Army Ground Force
භට පිරිස් ශක්තිය : මිලියනයක භට පිරිසක් කොරියානු ගොඩබිම් හමුදාවේ නිත්‍ය සේවයේ නියුතු බව ඇස්තමේන්තු කොට ඇත.
Korean People’s Air Force
උතුරු කොරියානු ගුවන් හමුදාව භටයින් හා සෙසු නිළයන් 110,000 සමන්විත වන අතර ගුවන්යානා 1600කින් සන්නද්ධය. මෙම ගුවන් යානා බොහොමයක් සෝවියට් හෝ චීන නිශ්පාදනවේ.
අන්තර්මහදිවීපික බැලිස්ටික් මිසයිල (ප්‍රහාරක පරාසය කිලෝමීටර් 4000-6000): උතුරු කොරියාව සතුව ටේපොඩොන්ග්-2 ලෙස හැඳින්වෙන අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් ඇති අතර එවැනි මිසයිල 2ක් හෝ 3ක් සක්‍රිය සේවයේ ඇති බවට බටහිර ඔත්තු සේවා සැක කරයි. කිලෝමීටර් 6000ක් උපරිම ප්‍රහාරක පරාසයක් ඇති මෙය දැනට එක් වතාවක් පමණක් දියත් කොට ඇති අතර එම පිරික්සුම් පියාසැරිය අසාර්ථක වූයේ මිනිත්තු 2කට පමණ පසු මිසයිලයේ රොකට් එන්ජින් ක්‍රියාවිරහිත වූ බැවිනි.
North Korean Special Operations Force
උතුරු කොරියානු විශේෂ මෙහෙයුම් බළකාය භටයින් 180,000 සැදුම්ලත් ලොව විශාලතම විශේෂ මෙහෙයුම් බළකායයි. මෙම බළකායේ අරමුණ දකුණු කොරියානු භූමියට ඇතුලුවී ඔත්තුබැලීම, දකුණු කොරියානු යුධ හා සිවිල් මර්මස්ථාන විනාශ කිරීමේ මෙහෙයුම් සිදුකිරීම, පාබල හමුදාවලට සහය දීම වැනි කරුණුයි.
මේ සඳහා ගුවන් (airborne), ඔත්තුසේවා (reconnaissance), නාවුක මෙහෙයුම් (maritime) පාබල සේනාංක (infantry) ආදී සේනාංක වලින් මෙම බළකාය සමන්විතය. උතුරු කොරියානු සබ්මැරීන මගින් හා ප්‍රවාහණ යාත්‍රා මගින් දහස් ගණනක් විශේෂ බළකා සෙබළුන් දකුණු කොරියානු වෙරළවලට ගොඩ බැස්විය හැකි අතර ගුවන් බළකාය සතු ඇන්ටනොෆ් යානා මගින් තවත් දහස් ගණක් දේශසීමාවෙන් කිලෝමීඅටර් සියගණනක් දකුණු කොරිආව තුලට භටයින් ගොසබැස්විය හැකිය.
Worker-Peasant Red Guards
සාමාජිකයින් මිලියන 3.5කින් සමන්විත ගොවි-කම්කරු රතු හමුදාව ලොව විශාලතම සිවිල් ආරක්ශක සේවයයි. මෙහි සාමාජිකයින් අවි පුහුණුව ලබා ඇති අතර සැහැල්ලු අවි, ආර්.පී.ජී අවි, මෝටාර් හා යුධ ටැංකි නාශක අවි අවලින් සන්නද්ධය.
උතුරු කොරියාවේ පවත්නා “යන්ග් රෙඩ් ගාර්ඩ්” වැඩ පිළිවෙළ අතිශයින්ම අමානුෂික එකකි. මේ වැඩපිළිවෙළ ආරම්භ වූයේ 1970දී පමණ ය. එමඟින් කෙරෙන්නේ එරට හමුදාවට අවශ්‍ය සාමාජිකයන් බඳවා ගැනීමයි.
එලෙස බඳවා ගන්නේ වයස අවුරුදු 15ත් 17ත් අතර තරුණයන් ය.
එය ළමා හමුදාවක් පවත්වාගෙන යෑමට සමාන දෙයකි. මේ තරුණ දරුවන්ව දැඩි පුහුණුවකට යටත් කෙරෙන අතර ඔවුන්ට ලබා දෙන්නේ ආහාර සහ නිල ඇඳුම් පමණක් බව සඳහන් වේ.
පළමු ලෝක යුදයේදී භාවිතයට ගැනුණු ක්ලෝරීන්, ෆොස්ජීන්, සහ මස්ටර්ඩ් වායු මෙන්ම නවීන ලෝකයේ භාවිතයට ගැනෙන සාරින්, VX වැනි රසායනික අවිත් එහි ඇති බව පැවසේ. සාරින්, VX වැනි රසායනිකයන් මනුෂ්‍ය ශරීරයේ ස්නායු අඩපණ කර මරණය පමුණුවන්නට සමත් ඒවා ය.
වඩාත් බරපතළම සහ කනගාටුදායකම තත්ත්වය එරට රසායනික අවි, එරටෙහි බන්ධනාගාර රැඳවියන් සහ කම්කරු කඳවුරුවල සිටින ශ්‍රමිකයන් යොදාගෙන අත්හදා බැලීමය.
සයිබර් ප්‍රහාර එල්ල කළ හැකි උපන් හපනුන් සිටින්නේත් උතුරු කොරියාවේම ය. සයිබර් ප්‍රහාර එල්ල කිරීමට උතුරු කොරියාව සතු හැකියාව ලොව අන් කිසිදු රටක් සමඟ සැසඳිය නොහැකි බව බොහෝදෙනාගේ අදහසයි.
මේ කතාව වඩාත් හොඳින් තහවුරු කෙරුණේ 2014 වසරේදී උතුරු කොරියා හැකරුන් කළ “සෝනි හැක්” සයිබර් ප්‍රහාරයෙන් පසුවයි.
ඒ ප්‍රහාරයෙන් පසු තවත් සයිබර් ප්‍රහාර රැසක් දකුණු කොරියාවට එල්ල කරන්නට උතුරු කොරියාව වග බලාගෙන තිබිණ.
එවැනි ප්‍රහාර මඟින් දකුණු කොරියාවේ බැංකුවල, රාජ්‍ය ආයතනවල පමණක් නොව දකුණු කොරියා ජනාධිපති කාර්යාලයේ පරිගණක යන්ත්‍රවලත් ක්‍රියාකාරිත්වය අවුල් වී ගියේය. මේ සියලු ප්‍රහාර එල්ල කෙරුණේ බියුරෝ 212 යනුවෙන් නම් කරන ලද උතුරු කොරියානු මධ්‍යස්ථානයක සිටයි.