ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හතරක සීඝ්‍රයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වේ.
එංගලන්ත ප්‍රභේදය බවට අනුමාන කළ හැකියි.
එම ප්‍රභේදයේ පැතිර යාමේදී එංගලන්තය ලොක් ඩවුන් කලා.
ලංකාව එසේ නොකරනවානම්, එසේ කිරීමට තීරණ ගන්නා අය එහි වගකීම දැරිය යුතුයි.
ප්‍රභේද හඳුනා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ජාතික වැඩපිළිවෙළක් නැහැ.
ඒ නිසා වෛරසය ව්‍යාප්ත වී ඇත්තේ දිස්ත්‍රික්ක හතරක පමණක් බව කිසිසේත් තහවුරු කල නොහැකියි.
ප්‍රභේද හඳුනා ගැනීමට අවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර ස්ථාපිත නොකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අදාල ඊනියා විශේෂඥයින්ගේ නොහැකියාව වසා ගැනීමට උත්සහ කරනවා. මහජන බදු මුදලින් ඔවුන්ව නඩත්තු කිරීම අපරාධයක්.
මහියංගනය ඇතුලු සැක සහිත සෑම ස්ථානයකම ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රියාවලිය මීට වඩා විධිමත්ව සිදු කළ යුතු වෙනවා.
ප්‍රභේද හඳුනා ගැනීමේ “ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම” ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් වගකීමක් නොවේ.
රවී කුමුදේශ්