ජපන් රජය මගින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂික මෙහෙයුම සඳහා, ඇමරිකානු ඩොලර් 620ල379 ක (දළ වශයෙන් රුපියල් මිලියන 115 ක) ආධාර මුදලක්, සංවිධානයට ලබා දීමට තීරණය කර ඇත. මෙම ආධාරය සඳහා වන ගිවිසුම සඳහා අත්සන් තැබීම ජපන් තානාපති සුගියම අකිරා මැතිතුමා Ydma (SHARP) සංවිධානයේ වැඩසටහන් කළමණාකාර ලූතිනන් කර්නල් (විශ්‍රාමික) වී. එස්. එම්. සරත් ජයවර්ධන මහතා අතර සිදුකරන ලදී.
ඉදිරි වසර කීපය තුල ශ්‍රී ලංකා රජයේ අරමුණ වනුයේ ලංකාව බිම්බෝම්බ බලපෑමෙන් පූර්ණ වශයෙන් නිදහස් කර ගැනීමටත්ල ලෝකයේ රටවල් අතුරින් මෙම බලපෑමෙන් නිදහස් වූ මීලග රට ශ්‍රී ලංකාව බවට පත් කර ගැනීමත්යග ජපන් රජය විසින් මෙම ව්‍යාපෘතිය හරහා එම උත්සාහය වෙනුවෙන් 2002 සිට උපකාර කරනු .
2016 වර්ෂයේ ශාප් සංවිධානය ස්ථාපිත කර කිළිනොචිචියේ දී එහි පළමු වැඩසටහන ක්‍රියාත්මක කරන අවස්ථාවෙි සිට මෙි දක්වා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට අරමුදල් ප්රදානය කිරීමෙි ප්‍රමුඛතමයා ජපන් රජයයිග එතැන් සිට ජපන් රජයේ මෙම බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ආධාර ව්‍යාපෘතිය මගින් වර්ග කිලෝමීටර 1ග5 කට වැඩි භූමි ප්‍රමාණයක් බිමි බෝමිබ වලින් නිදහස් කරගෙන ඇතග ජපානය ශාප් සංවිධානයට සහ ශ්‍රී ලංකාවේ දැනට බිමිබෝමිබ සමිබන්ධයෙන් කටයුතු කරනා අනෙකුත් සංවිධාන තුනට මෙිවන විට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 38.8 ක් ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතිය කිළිනොචිචි සහ මුලතිවි යන දිස්ත්‍රික්ක වල අවතැන් වූ ජනතාවට නැවත පදිංචි වී තම ජීවිකාවන් ආරම්භ කිරීම සඳහාල ශ්‍රී ලංකා රජය මඟින් ක්‍රියාත්මක වන බිම්බෝම්බ වලින් තොර ආරක්ෂිත ප්‍රදේශ ඇති කිරීමේ වැඩපිළිවෙලට තවදුරටත් ඍජුව හෝ වක්‍රව පිටුවහලක් වනු ඇත.
මේ සම්බන්ධව අදහස් දැක්වු ශාප් සංවිධානයේ වැඩසටහන් කළමණාකාර ලූතිනන් කර්නල් :විශ්‍රාමික වී. එස්. එම්. සරත් ජයවර්ධන මහතා සනිටුහන් වන්නේ ජපන් තානාපති කාර්යාලය මගින් ආධාර යටතේ අඛණ්ඩව 5 වන වරටත් ශාප් වෙත දක්වන අනුග්‍රහය වන අතරල 2016 වර්ෂයේ ශාප් සංවිධානය ස්ථාපිත කළ අවස්ථාවෙි සිට මෙි දක්වා දක්වන ලද සහයෝගයත් දිරි ගැන්විමත් පිළිබඳව සහ අඛණ්ඩව වාර්ෂයක් පාසා දක්වන සහයෝගය ගැන ජපන් තානාපති කාර්යාලයට ස්තූති පූර්වකව කෘතවෙීදීත්වය පලකරන බවත් මෙහිදී වඩාත්ම වැදගත් කාරණය වන්නේ ශාප් සංවිධානයට ආධාර ලැබෙන්නේ ඨඨඡ ව්‍යාපෘතිය හරහා පමණක් වීම බවත් පැවසීයග
ශාප් සංවිධානය 2016 වර්ෂයේ සිට මෙීවන තෙක් වර්ග මීටර් 1,574,573, ක භූමි ප්‍රමාණයක් නිදහස් කරගෙන ඇති අතර එහිදී පුද්ගල නාශක බිමිබෝමිබ 9135 , යුධ ටැංකි නාශක බිමිබෝමිබ 119ල පුපුරා නොගිය බෝමිබ 3289 හා සුළු අවි පතුරොමි 12,000 කට වැඩි ප්‍රමාණයක් ඉවත් කරගැනීමට හැකි වූ බවත් ඒ මගින් පවුල් 1500කට වැඩි ප්‍රමාණයක් ඍජුව හෝ වක්‍රව සහනය සැලසුන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියාග
තවද ශාප් සංවිධානය තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස එහි සේවාවන් නොකඩවා පවත්වාගෙන යාමටත් ජපන් තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලය මෙන්ම බිමිබෝමිබ සමිබන්දයෙන් කටයුතු කරන අනෙකුත් සංවිධාන සමග සහයෝගයෙන් වැඩ කිරීමට බලාපොරොත්තු වන බවත් එමගින් ඔවුන්ට අනුග්‍රහය දක්වන්නන්ට සහ එම ආධාර වලට උපරිමව සාධාරණය ඉටු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් හෙතෙම පැවසීය.
අවසාන වශයෙන් ජපන් තානාපති සුගියම අකිරා මැතිතුමාට සහ ජපන් තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලයට ශාප් සංවිධානයේ සියළුම සාමාජීකයින් තම හෘදයාංගම ස්තූතිය පිරිනමන බවත්ල ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට අරමුදල් ප්රදානය කිරීමෙි ප්‍රමුඛතමයා වන ජපන් රජයට සහ ජපන් ජනතාවට ශාප් සංවිධානය ස්ථාපිත කළ අවස්ථාවෙි සිට මෙි දක්වා අනුග්‍රහය දැක්වීම පිළිබඳවත් මෙරට ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් දක්වන අපරිමිත සැලකිල්ලට සහ සහයෝගයට හද පිරි ස්තූතිය තවදුරටත් පලකරන බව” ඒ මහතා පැවසීය.