Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බ්‍රිතාන්‍යයේ කොරෝනා නව ප්‍රභේදය මෙරටින් හමුවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බ්‍රිතාන්‍යයේ ව්‍යප්ත වන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිතයන් කිහිපදෙනෙකු මෙරට ප්‍රදේශ කිහිපයකින් හමුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ ඊට අදාළ අමතර උපදෙස් මහජනතාව වෙත නිකුත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහාද කඩිනම් පියවර ගන්නා බවයි.



බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන Covid- 19 වෛරස ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පැවසීය.

මේ වනවිට කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් ලබා ගත් අහඹු නියැදිවලින් බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන Covid- 19 වෛරස ප්‍රභේදය හමුව ඇති බව ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පැවසුවේ ය.

Scroll to Top