“පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වාගේ” කියන කියමන අහලා ඇති.
රජය ඇතුලේ විසඳිය යුතු ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කථා කරන බැවින් දිනයේ විවාද නියම්ත වෙලාවට ආරම්භ කරන්න බැරිවෙනවා. ඇද 11.30 ට නියමිතව තිබූ ආනයන අපනයන පාලන පනත යටතේ වූ රෙගුලාසි සම්බන්ධ විවාදය ආරම්භ කළේ ප.ව. 1.45 ටය. එනිසා පාර්ලිමේන්තු කටයුතුවල දී කාලය කළමනාකරණය ඉතා වැදගත් වෙනවා මෙම විවාදය විරුද්ධ පක්ෂය වෙනුවෙන් ආරම්භ කරමින් ඉරාන් වික්‍රමරත්න මහතා කීය
අද මේ විවාදය ආනයන හා අපනයන (පාලන ) පනත යටතේ එන රෙගුලාසි 3ක් සම්බන්ධව. ඉතිං ඒ වෙනුවෙන් සූදානම් වෙනකොට තමයි මේ අදහස ආවේ.
“පය බරවායට පිටි කර බෙහෙත් බඳිනවා” කියන්නේ ප්‍රශ්නයට දෙන්න නියම විසඳුම් තිබියදී වෙන වෙන විසඳුම් දීම. අන්තිමට ප්‍රශ්නය ඔඩු දුවලා වෙන්න පුළුවන් ඕන දෙයක්…ඒ කියන්නේ නරකම දේ වුනත් වෙන්න පුළුවන්.
මේ ආනයන තහනම් , ආනයන සීමා, ආනයන බලපත්‍ර වගේ අදාළ නැති වැඩ හරහා විසඳන්න යන ප්‍රශ්නයත් ඊට දෙවැනි නෑ.
මේ හදන්නේ රට ආපස්සට හරවන්න.
අපි දන්නවා 1970 ඉඳලා මේ රටේ තිබුණේ සංවෘත ආර්ථික ක්‍රමයක්. හරියට කන්න නෑ .. අඳින්න නෑ .. විවාහ මංගල උත්සවයට අලුත් ඇඳුම් ඉල්ලලා බලපත්‍ර ගන්න ඕන. හැමදේම සලාක වලට. මොන දුකක්ද මිනිස්සු වින්දේ. ඒ ඉතිහාසය 1977 සිට වෙනස් කරන්න ගත්තා. මම හිතන්නේ නෑ සිහිමොල තියෙන කිසිම කෙනෙක් 1971 ආර්ථික ප්‍රතිපත්තිය ඉල්ලයි කියලා.
ඒ කාලේ ඇඳපු වස්ත්‍ර පවා භූමිතෙල් ගඳයි. මතකයන් අප්‍රසන්නයි. ඒ වගේම තමයි තරුණ අසහනයටත් ඒ ආර්ථික ක්‍රමය හේතු වුණා. සෞභාග්‍යයේ දැක්ම කියාගෙන ආවට කොහාටද රට ගෙනියන්න හදන්නේ ඒ භාණ්ඩ හිඟ සංවෘත ආර්ථික යුගයටයි රට ගෙන යන්න හදන්නේ.
රට උග්‍ර ණය බරකින් පෙළෙනවා. ප්‍රමාණය ලෙස ගත්තොත් රුපියල් බිලියන 15000ක්. ට්‍රිලියන නම් 15ක්. ණයබරතාව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 98.8% ක්.
මධ්‍යම ආදායම් ලාභී රටවල් අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වැඩිම ණය ඇති රටවල් අතර එක ලෙබනනය. දෙක ලංකාව. ලෙබනනය මේ වෙනකොට බංකොලොත්. ඒ කියන්නේ ඊළඟ අවධානම අපිට. මධ්‍යම ආදායම් රටවල් අතර ලෙස වැඩිම විදෙශ් ණය ප්‍රතිශතය ඇති රට ශ්‍රී ලංකාවයි
ජාත්‍යන්තර ණය වර්ගීකරණය ඇතුලේ අපි පතුලටම වැටෙමින් ඉන්නේ. අපි ඉන්නේ C ඛාණ්ඩය යටතේය.. ඉන් එහා වෙන දේවල් කියන්න අවශ්‍ය නැහැ.
දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය පරතරය කීයද ? 2020 ට 8.4%ක් කරගත්තා. හැබැයි ඒ ගණිත සූත්තර දාලා මැජික් පෙන්නලා. හැබැයි ඒ මැජික් අයින් කරලා ගත්තොත් අයවැය පරතරය 11.2%ක් වෙනවා.
මට එය පැහැදිලි කිරීමට අවශ්‍ය නම්, ගිණුම්කරණ පද්ධති දෙකක් තිබේ, එකක් මුදල් ප්‍රවාහ පද්ධතිය සහ අනෙක උපචිත ගිණුම්කරණ පද්ධතියයි.
ශ්‍රී ලංකාව සෑම විටම මුදල් ප්‍රවාහ Cash basis ක්‍රමය අනුගමනය කරයි. නමුත් මෙහි සමහර උපචිත ක්‍රමයක් භාවිත කර ඇති අතර 2020 සඳහා වියදම් 2019 ට ආපස්සට ගෙන ගොස් ඇත. එබැවින් එය අයවැය හිඟයේ අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. සැබෑ හිඟය 11% ට වඩා වැඩි විය යුතුය. මේ සුත්‍රය නිසා නොවෙයි නම් 2020 අය වැය පරතරය 11 % ඉක්මවා යනවා
ඒ වගේම තමයි රාජ්‍ය ආදායම් අඩුවීමේ බරපතළ තත්ත්වයක් තියෙන්නේ. 2017 දී අපි රාජ්‍ය ආදායම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13.8 ට ගෙනාවා. 2018 දී 13.5ක් වුණා. අමතක කරන්න එපා ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයක් හමුවේ තමයි අපි ඒ මට්ටමට ඉහල නංවලා ගත්තේ. නමුත් 2019 දී 12.6ක් වෙලා, 2020 දී කීයද 10% වගේ වෙලා.
ඔන්න තත්ත්වය. ඒ වගේම තමයි දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනය. 2013 දී 3.4%යි. 2014 දී 4.5%යි. 2015 දී 5%යි. 2018 දී 3.3%යි. 2019 දී 2.3%යි. අපි ආණ්ඩු කරන කාලේ පහලට ආවා. අපි එය ප්‍රසිද්ධියේම කියනවා. 2020 දී කොහොමද ? තවම කියලා නෑ. දැනගන්න තියන විදියට ආණ්ඩුව කියන්නේ සෘන 3.9 %යි කියලා. නමුත් ලෝක බැංකුව නම් කියන්නේ, සෘන 6.7% යි කියලා.
1959 ට පස්සේ අපේ යහපාලන ආණ්ඩුව තමයි 2017-2018 දී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න සමත් වුණේ. නමුත් මේ යන විදියට හිතන්නවත් බෑ.
විදෙස් සංචිත වලට මොකද වෙලා තියෙන්නේ. 2020 දී කිව්වේ ඩොලර් බිලියන 5ක් තියෙනවා කියලා. අපේ ආණ්ඩුව යනකොට ඩොලර් බිලියන 7ක් තිබුණේ. දැන් නම් ආරංචි විදියට ඩොලර් බිලියන 3ක් වත් තියනවාද සැකයි.
ඒ කියන්නේ ආර්ථිකය කඩා වැටිලා, රාජ්‍ය ආදායම බිඳ වැටිලා විදේශ සංෂිත කඩා වැටිලා රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති හා ආනයන තහනම හා සීමා කිරීම සමඟ ආර්ථිකයේ අනෙකුත් අංශ රැසකම ප්‍රශ්න ඇතිකරලාය.
මේ ආණ්ඩුව කරන්නේ කුමක්ද. තිබෙන එකම විසඳුම නම් මේ අය කියනවා නවීන මුදල් ක්‍රමයකට වැඩ කරනවා කියලා, ඉවක් බවක් නැතුව සල්ලි අච්චු ගහන ක්‍රමයකට ගිහින් තියෙන්නේ. සල්ලි අච්චු ගහන කොට ආර්ථික වර්ධනය නැතිනම් රැකියාවල් බිහිවන්නේ නැතිනම් උද්දමනය වැඩි වනවා.
මේවට මොකක්ද ආණ්ඩුව හදාගෙන තියන විසඳුම.. විසඳුම තමයි, එක පැත්තකින් ආනයන සීමා කරලා තියනවා.
අනෙක් පසින් modern monetary theory නූතන මූල්‍ය න්‍යායට වැඩ. ඒ තුළ මේ වෙනකොට ඉවක් බවක් නැතුව සල්ලි අච්චු ගහන්න පෙළඹිලා. සල්ලි අච්චු ගහන්න ගියහම වරදින තැන තමයි, ආර්ථිකය වර්ධනය නොවීම, අලුත් රැකියා බිහිනොවීම, භාණ්ඩ හා සේවා මිල ඉහළයාම, නැතිනම් උද්ධමනය ඉහළ යාම.
අපේ ආණ්ඩුව තිබූ කාලයේ සහ මේ වසරක කාලය තුළ භාණ්ඩ මිල ඉහළ යාම සංසන්දනය කරලා බලන්න. අපි 2019 දී ගෑස් තියාගත්තේ, 2014 දී මහින්ද ජනාධිපති ගෙදර යනකොට තිබුණ මිලටත් වඩා අඩුවට. ඔන්න දැන් නම් කනින් කොනින් ඇහෙනවා ගෑස් මිලත් ඉහල දාන සූදානමක්.
ඒ වගේම එළවලු මිල 300% කින් ඉහළ ගිහින්. මිල ඉහල නොගිය කිසිවක් නෑ. ඊයේ මට කාන්තාවක් විව්වා පොල් ගෙඩියක මිල රු 120 ට ඉහල ගිහින් කියලා. යහපාලන ආණ්ඩු කාලයේ රු 50 ට 60 ට පොල් වික්කේ.
ඒ වගේම තමයි මේ ආණ්ඩුව කෘතීම ලෙස පොළී අනුපාත පාලනය කරනවා. ඉහළ දැමීමට ඉඩ තියලත් නෑ. එයත් කෘතීම ලෙස පාලනය කරනවා. දැන් බලන්න ඒ තුළ විශ්‍රාමික ප්‍රජාව මුහුණදෙන අර්බුදය.
ඊයේ මොරටුව රාවතාවත්තේ දී දෑස්වල කඳුලු පිරූ කාන්තාවක් ඔවුන්ගේ දුක හෙළි කළේ මෙහෙමයි. “විශ්‍රාමිකයෙකු වන මාගේ ගිණුමේ ස්ථිරව තැන්පතු ලෙස ලක්ෂ 10 ක් තියනවා කලින් තිබුණු වැඩි පොලිය අනුව මාසයකට 8000ක් ගත්තා.
නමුත් මේ ආණ්ඩුව පොළිය පහල දාලා, දැන් පොලිය අඩු කර ඇති බැවින් මාසයකට ලැබෙන්නේ රුපියල් 3000යි”. කොහොමද අර ඉස්සර තිබුන ජීවිතයවත් ගෙනියන්නේ යනුවෙන් අසුවාය
කෘෂිකාර්මික නිෂ්පාදනය සහ නිෂ්පාදන ආර්ථිකය ඉහළ නැංවීම පිළිබඳ මෙම රජයේ සටන් පාඨ පවා දැන් දරුණු විහිලු බවට පත්වෙලා.
මේ පාලන කාලය තුළ ආණ්ඩුව මොන වැඩේදී ද සාර්ථක වුණේ..?
සාර්ථක වුන එක තැනක් විදියට ගන්න පුළුවන්, ගැසට් ජිල්මාට් හරහා ව්‍යාපාරික ගජමිතුරන්ට අයුතු ලාභ ලබන්න ඉඩදීම.
සීනි වලින් විතරක් ආණ්ඩුවේ ආදායම් වලින් විතරක් රුපියල් කෝටි 1100 ට වඩා ගජමිතුරන්ට ඇදිලා ගියා. කොරෝනා එන්නත ගෙන්වන්නට මේ රජයට රු බිලියන 20ක් නැහැ. කොහොමත් මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැහැ.
දැන් මේ විවාදයට අදාළ ගැසට් පත්‍ර වෙත අවධානය යොමුකරන්න. එහිත් වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් දක්වා තියෙන්නේ ආනයනය කිරීමට නම් බලපත්‍ර ලබාගත යුතු වර්ගීකරණය යටතේ. සීනි වලට බලපත්‍ර දුන්නේ හරි ලස්සනට. අන්න ඒ වගේ.
ඒ විතරක් නෙවෙයි, ණය වර ලිපි විවෘත LC කරාට පස්සේ දින 180 කින් ගෙවීම් කරන්න නියම කරලා. කවුද බඩු දීලා සල්ලි ගන්න මාස 6ක් බලාගෙන ඉන්නේ? මේ වැඩ නිසා තමයි ආනයනයේ නිරත පුද්ගලයන් උන්ඩියල් ක්‍රම හරහා වැඩ කරන්න උත්සාහ ගන්නේ. ඒ කියන්නේ මිනිසුන්ව නීතිමය ක්‍රමයෙන් පිටතට යවන ආකාරයට තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙන්නේ.
ඇත්තටම මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් තියනවා කියලා කියන්නත් අමාරුයි. මොකද තවම හිතාගෙන ඉන්නේ, පාරවල් හදලා රට දියුණු කරන්න පුළුවන් වගේ ළපටි අදහස් වල. 2020 ට මහා මාර්ග සඳහා රුපියල් බිලියන 245ක් වෙන් කල ආණ්ඩුව 2021 ට රුපියල් බිලියන 330 ක් වෙන්කළා.
නමුත් නිකමටවත් උත්සාහ කලාද රුපියල් බිලියන 20ක් වියදම් කරලා එන්නත් ටික ගෙන්නන්න. රටම එන්නත් කරණයට
ලක්කරන්න. රටේ ජනතාව තුල එහෙනම් විශාල මානසික ශක්තියක් ඇති කරන්න , පිබිදීමක් ඇතිකරවන්න තිබුනා.
නමුත් ජනතාවගේ අවාසනාව ගජමිතුරන් ගැන හිතන තරමින් අංශුවක්වත් ආණ්ඩුව මේ රටේ පොදු ජනතාව ගැන නොසිතීම.
කොහොමටත් ආණ්ඩුවට එහෙම දැක්මක් නෑ. ප්‍රතිපත්තියක් නෑ. අද ලෝකයේ රටවල් විශේෂයෙන් ඉන්දියාව, ජපානය ඇතුළුව ලංකාවට ණය දෙන රටවල් ප්‍රසිද්ධියේ කියන්න අරගෙන තියනවා ලංකාවේ මූල්‍ය විනය ගැන කිසිම විශ්වාසයක් තබන්න බෑ කියලා.
ඔන්න රට වැටිලා තියන තැන. ආණ්ඩුව පෙන්නන්න යන්නේ ඔවුන් මුහුණදීලා ඉන්නේ ද්‍රවශීලතාව සම්බන්ධ ප්‍රශ්නයක කියලා. නෑ. අපි විශ්වාස කරන්නේ ආණ්ඩුවේ අසමත්භාවය විසින්, මූල්‍ය වත්කම් නැති තැනට පත්වෙලා.
ඒ නිසා ප්‍රශ්නය අඳුනගෙන හරියට විසඳුම දෙන්න. ආනයන පාලන දාගෙන රටේ ආර්ථිකය හදන්න බෑ. විදෙස් සංචිත හිඳෙන එක නවත්වන්නත් බෑ. පයබරවායට පිටකර බෙහෙත් බැඳලා තේරුමක් නෑ. ඇත්තටම ආණ්ඩුව ආර්ථිකයේදීත් ෆේල් කියනවා හැර කියන්න දෙයක් නෑ.