පාරිභෝගික අධිකාරියේ පනතට අනුව පාලන මිළ සම්බන්ධයෙන් පෙර නිකුත් කර ඇති ගැසට් නිවේදන කිහිපයක් පසුගියදා අවලංගු කළ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් පාරිභෝගික අධිකාරීයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව 2016, 2017 හා 2020 යන වර්ෂයන්ට අදාළ පාලන මිළ සම්බන්ධ මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදන අවලංගු වන බවත් එමගින් පාරිභෝගිකයා ආරක්ෂාවීමත්, භාණ්ඩ සහ සේවාවල ගුණාත්මකභාවය ඉහළ තත්ත්වයකට රැගෙන යාමට හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි පැහැදිලි කරන ලදී.
පාරිභෝගික අධිකාරිය ස්ථාපනය කළ දින සිට විවිධ අවශ්‍යතා මුලික කරගෙන ගැසට් නිවේදන පළ කිරීම් සිදු කර ඇති බවත්, පාරිභෝගිකයාට සහනදායී මිළට භාණ්ඩ ලබාදීම එහි අරමුණ වූ බවත්, වත්මනයේ ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනයන්හි සඳහන් පාලන මිළ ගණන් ඒ මිළ යටතේ පවත්වාගෙන යාමට නොහැකි බවත් ඊයේ දිනයේ ගැසට් නිවේදනය අවලංගු කිරීම තුළින් පාරිභෝගිකයා සුරක්ෂිත කිරිමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කරන ලදී.
රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් සඳහා ස්ථායි මිළ ගණන් කැඳවීමේදී දේශීය නිෂ්පාදකයන් හා සෘජු ආනයනකරුවන්ගෙන් භාණ්ඩ මිළදී ගැනීම රජය සිදු කරන බැවින් අතරමැදියන්ට ගෙවීම් සිදු නොකල යුතු බවත්, සතියක් ඇතුලත එම මුදල් සැපයුම්කරුවන්ට ලබා දිම සිදු කරන බවයි.
“සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට දේශිය ආර්ථිකය ශක්තිමත් කිරීමත්, දේශිය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමත්, රාජ්‍ය ආයතනයක් ලෙස පාරිභෝගික අධිකාරියේ වගකීම බවත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදි අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
වෙළෙඳ අමාත්‍යාංශය