මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ගබඩා කර තිබිය යුතු වාහනවල මුල් පිටපත්
ඇතුළත් ලිපිගොනු වාහන ජාවාරම්කරුවන් අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ
අපරාධ මෙහෙයුම් ඒකකය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම විමර්ශනයට අනුව මෙම “ඔර්ජිනල් ලිපිගොනුව“ මෙම ජාවාරම්කරු අතට පත්වූයේ කෙසේද යන්නත්, ඔහු
හා සම්බන්ධ වෙමින් වාහන ජාවාරම්වලට සහාය දෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්
දෙපාර්තමේන්තුවේ නිලධාරියා කවුද යන්නත් සොයාගැනීම මෙම විමර්ශනවල මූලික අරමුණ වෙයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, වාහනවල ලියකියැවිලි තවත් පාර්ශ්වයක් වෙත පත්කිරීමේදී ප්‍රවේශමින් කටයුතු කරන ලෙසත් වාහන බද්දට දීමේදී හා වාහන කුලියට ලබාදෙන ස්ථානවලට වාහන ලබාදීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසත්ය.
මෙලෙස නොයෙකුත් පුද්ගලයන් හා පාර්ශ්වයන්ට ලබාදෙන ලියකියැවිලිවල විස්තර ලබාගෙන ව්‍යාජ ලිපිගොනු සකස් කිරීමට ඉඩ ඇති බව කියූ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අරඹා ඇති බවද කියයි.