Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සෞඛ්‍ය බලධාරීන්ට නොකියා වැලන්ටයින් සාද පැවැත්වීම තහනම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලබන 14 වැනිදාට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය සමරමින් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් නොමැතිව සාද පැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා, පවත්වන සාද සංවිධානය කරන්නන් සහ ඒ සඳහා සහභාගිවන්නන් අත්අඩංගුවට ගන්නා බව ද හෙත්තෙම කීවේය.



මෙම දිනය සැමරීමට ඇතැම් පිරිස් අන්තර් ජාලය හරහා විවිධ සාද සංවිධානය කරන බවටත්, ඒ සඳහා විවිධ කණ්ඩායම් ඒකරාශි වී සිටින බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇති බව හෙතෙම පැවසීය.

මෙවැනි සාද සඳහා සහභාගි නොවන ලෙසත්, එවැනි සාද සඳහා දැන දැනම සහභාගි වී නඩුවලට පැටලෙන්න එපා යැයි තරුණයන් තරුණියන්ගෙන් ඉල්ලා සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Scroll to Top