ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් කවුරි, එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉකුත් 31 වනදා සිට ඔහු එම නතතුරෙන් ඉවත් වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
පෞද්ගලික හේතුවක් මත පෝල් කවුරි එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
2018 වසරේ පෙබරවාරි මස 15 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්වූ පෝල් කවුරි, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය මූලික කරගනිමින් සේවයේ නිරත වුණා.