ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිශන් සභාවේ නව සභාපති වශයෙන් නව පත්වීම අද මම භාරගත්තා. ඔබ දන්නවා මේ කොමිශන් සභාවට විශාල කාර්යභාරයක් පැවරිලා තිබෙනවා.
ඒ කාර්යභාරය ඒ ආකාරයෙන්ම පසුගිය අවුරුදු 10 තුල කරගෙන ආපු විදිහට වඩා කාර්යක්ශමව ඉදිරියට කර ගෙන යාම තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. මම හිතන්නේ හුග දෙනෙක් දන්නවා ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිශන් සභාවේ වැඩකටයුතු මොනවද කියන එක.
විදුලි කර්මාන්ථය, ජල සේවා කර්මාන්ථය සහ ඒවගේම ඛණිජ තෙල් කර්මාන්ථය යන කර්මාන්ථ වල සේවා ගුණාත්මකතාවය වැඩි කරමින් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ශා කරමින් සහ සුරක්ශිත කරමින් කේශ්ත්‍ර වල ගුණාත්මකභාවය වැඩි කිරීම තමයි අවශ්‍යතාවය වෙලා තියෙන්නේ.
ඊට අදාල විශාල ව්‍යාපෘති ගනනාවක් මෙම එලිදක්වන ක්‍රියාකාරී සැලැස්ම මගින් කරන්න බලාපොරොත්තු වනවා.
ඒ අනුව මෙම අවුරුද්දේ ව්‍යාපෘති 100කට වැඩි ප්‍රමාණයක් මෙම කේශ්ත්‍ර වල කාර්යක්ශමතාවයත්, ගුණාත්මකභාවයත් වැඩි කිරීම සදහා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවගේම කේශ්ත්‍ර 04ක් මත පදනම්ව විදුලිබල කර්මාන්ථයේ උන්නතිය සදහා ව්‍යාපෘති සකස් කරලා තියනවා.
ඊටත් අමතර, අපි මහජනතාවත් එක්ක අපි ඉතා සමීපව වැඩ කරනා ආයතනයක්. ඒ නිසා විදුලි පාරිභෝගිකයින් මුහුණ පාන ගැටළු කඩනමින් විසදීමට අපි පියවර ගන්නවා.
ඒ වගේම මෙරට තුල විදුලිකාර්මිකයින් 45000ක් පමණ හදුනාගෙන ඇති අතර ඔවුන්ට ස්ථිර විදුලිකාර්මික බලපත්‍රය ලබාගැනීම සදහා වන කටයුතු අදාල ආයතන සමග එකතුවී කිරිමට අපි කඩිනම් පියවර ගන්නවා.
ඡායාමාත්‍ර නියාමන ආයතනයක් වශයෙන් ලිසිහි වෙළදපොල නියාමනය කිරීම සදහා මෙම ආයතනය කටයුතු කරනවා. එහිදී අලවි කරන්නන් ගෙන් සේවා සහ භාණ් ඩ වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සදහා ප්‍රමිති හදුන්වා දීමට අපි කටයුතු කරනවා.
ජල සේවා කර්මාන්තය නියාමනය සදහා නම්කර ඇති ආයතනය වන්නේත් මේකයි. ජල සේවා කර්මාන්තයේ ප්රගමනය සදහා නියාමන කටයුතු සම්බන්ධයෙන් කොමිෂන් සභාව ජල සම්පාදන අමාත්‍යංශයට හා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සහාය ලබා දීමට අපි උදක්ම බලාපොරොත්තු වනවා.
ජාතික සැලස්ම අනුව තියන විදුලි බල අව්ශ්යතාවය සැපිරීමට උවමනා ව්‍යාපෘති වලට අවශ්‍ය අපගෙන් කෙරිය යුතු කාර්යයන් තියනවනම් ඒ කටයුතු ඉතාම ඉක්මනින් කිරීමට මම බලාපොරොත්තු වනවා.
ඒවගේම රජයේ ජාතික ප්‍රතිපත්තියට සම් බන් ධ ක්‍රියාකාරකම් පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීමටත්, එහි ප්‍රතිශතය වැඩි කිරීමටත් අව්ශ්ය මාර්ගයන් මෙම ආයතනය විසින් ක්‍රමානුකූලව, කාර්යක්ශමව කර දීමට බලාපොරොත්තු වනවා.
ඒවගේම මෙම ආයතනය, මහජන උපයෝගිතා කොමිශන් සභාව විසිරවා හරින බවට ප්‍රචාරයක් ගියා.එය එසේ නොවන බව මට පැහදිලිව කියන්න පුලුවන්. එහෙම ප්‍රශ්නයක් තිබුනනම්, එම ප්රශ්නය දැනට නිරාකරනය වෙලා තියෙන්නේ. ඒකට පදනම් වෙලා තියෙන්නේ කිසිම පදනමක් නැති හේතුන්. ඒ වගේ තත්වයන් ඇතිවන්න හේතුවන්නේ සමහර අය විසින් දුරදිග නොබලා කරන ප්‍රකාශන.
ඒවා එච්චර ගනන් ගන්න දේවල් නෙවෙයි.අපි වැඩ කරන්නේ දැනට අපේ පනත් වලට අනුව, ඒ පනත් තියෙන තාක්කල්, ඒ පනත් දාන්නේ ආණ්ඩුවෙන්. ඒ පනත් වල තියන කොන් දේසි අපිට වෙනස් කරන්න බැහැ.ඒ පනතේ තියන වගන්ති අනුව සහ පනතේ තියන අධිකාරි බලය අනුව, පනත තියන තාක්කල් වැඩකටයුතු කරගෙන යාම තමයි අපගේ සහ ආයතනයේ අරමුණ. මගේ බලාපොරොත්තුව තියෙන්නේ හැම පාර්ශවයක් සමග සහයෝගයෙන් මෙය කරගෙන යන්නෙ.
අපි දන්නවා මෙම ආයතනය අවුරුදු 10ක් තිස්සේ මහජන උපදේශන මගින් , ඊට අමතරව මෙම ක්ශේත්‍රයට අදාල සියලුම පාර්ශවකරුවන් සමග ඉතා සමීපව කටයුතු කිරීම තමයි බලාපොරොත්තුව. අපි කිසිකෙනෙකුට විරුද්ධව හෝ කිසි කෙනෙකු සමග තරගකාරීත්වයක් අපට නැහැ.
අපිට තියන්නේ එකම බලාපොරොත්තුවයි.මේ සෞභාග්‍ය දැක්මේ තියන ප්‍රතිපත්ති, සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජයට අව්ශ්ය සියලු සහය ලබා දීමට මේ අපේ තියන පනත් අනුව ක්රියාකිරීමයි. ඒ බව අපි රජයටත්, මහජනතාවටත් පොරොන්දු වනවා.
බලශක්තිය කියන එක, එක මූලාශ්‍රයකින් එන්න විදිහක් නැහැ.මේකේ සංයුතියක් තියෙන්න ඕනි. පුනර්ජනනීය බලශක්තිය, ජල විදුලිය, එතකොට ස්වාභාවික වායු, ගල් අගුරු යන සියල්ලේ සංගුණකයක් තමයි මේකේ තියෙන්න ඕනෙ. එක මූලාශ්‍රයකින් අපිට යැපෙන්න බැහැ.
ඒවගේම පුනර්ජනනීය බලශක්තිය කියන එක ලාභ උනාට මන් හිතන්නේ, එය කරන්න සෑහෙන කාලයක් යනවා. හැම දෙයක්ම කඩිනම් කරගෙන යන්න තමයි අපගේ බලාපොරොත්තුව වෙන්නේ. ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය කියන එකට මූලිකත්වය දීලා අවශ්‍ය විදුලි බලය සියයට සියයක් මහජනතාවට ලැබීමට සැලසවීම තමයි අපගේ බලාපොරොත්තුව වන්නේ.
විදුලියට ගෙවන ප්‍රමාණය වැඩිද කියල ප්‍රශ්නයක් තියනවා අපිට පාරිභෝගිකයෙක් වශයෙන් . අපිට ඒවා සාකච්චා කරලා එක මතයකට එන්න පුලුවන්. හැබැයි මගෙ පුද්ගලික මතය තියෙන්නේ විදුලි බිල වැඩි නොවිය යුතුයි කියන එක. ඒකට හේතුව තමයි කොරෝනා කියන වසංගතයක් එක්ක අපිට ගොඩක් අපහසු වෙලා ඉන්නෙ.
විදුලි බිල කියන එක අනිත් වියදම් වගේ නෙමෙයි, හැමදෙනාම දැරිය යුතු මූලික වියදමක්. ඒක පැහැර හරින්න බැහැ.පැහැර හරින්න පුලුවන් මාස 2-3යි. විදුලි බිල කපලා ගියාම ඔක්කොම අමාරුවෙ වැටෙනවා. ඒ හින් දා සියලුම පාර්ශව්කරුවන් දැනගන්න ඕනෙ මේක හැම පාර්භෝගිකයකුගේම බරක්. මෙම බර තව වැඩිකිරීම උචිත නොවන අවස්ථාවක් කියල තමයි මම හිතන්නේ.
එතකොට පුනර්ජනනීය ශක්තියෙන් බලාපොරොත්තු වෙන්නේ, දැනට තියනවනම් වියදම රු 20ක් එය භාගයකින් අඩු කරගැනීම.
ලෝකයේ දැන් යන ප්‍රවණතාවය තමයි පුනර්ජනනීය බලශක්ති ප්රතිශතිය වැඩි කිරීම.මේ වගේ ඝර්ම කලාපීය රටකට හිරු එලිය හැමදාම තියන, අපි දන්නවා, සමහර රටවල් වල අවුරුද්දේ භාගයක් හිම, එතකොට අපිට තියනවා සුලන්, එතකොට අවසානයේ අප බලාපොරොත්තු වන්නේ, විදුලි බිල අඩු කර ගැනීම. ජාතික සැලැස්මේ තියෙන්නේ 70% පුනර්ජනනීය බලශක්තියෙන් කිරීම, ඒකට මූලික වන්නේ දැනට අප ගෙවන විදුලි බිල අඩු කර ගැනීම.