සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශිලකයන්ව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් සංවිධානය කල Digi Safe Sri Lanka වැඩසටහන පසුගිය 5 වන සිකුරාදා අන්තර්ජාල අවකාශය හරහා පැවැත්විණි.
මෙම වැඩසටහනෙහි ප්‍රධාන දේශකයන් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ලේකම් / ශ්‍රී ලංකා අන්තර්ජාල සංගමයේ විධායක සභික හා සිටපු සභාපති මහීශ්වර කිරිඳිගොඩ මහතා, සයිබර් ආරක්ෂක උපදේශක අසේල වෛද්‍යාලංකාර මහතා, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති / තොරතුරු තාක්ෂණ උපදේශක රජීව් යසිරු කුරුවිටගේ මහතා සහභාගී විය.
මෙම වැඩසටහනේදී සයිබර් ආරක්ෂාව, සයිබර් අපරාධ සහ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් වැඩසටහන හා එක්ව සිටි පරිශිලකයන්ව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ විධායක නිලධාරි අචින්ත බුද්ධික මහතා සහ ජාතික සංවිධායක සචින්ත අබේරත්න මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.. මෙම වැඩසටහනෙහි දෙවැනි අදියර ලබන මස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.