Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා ආරම්භය චීනයේ සත්ත්ව ගොවිපලෙන් නොවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළ ආශ්‍රීතව හටගත් බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව චීනයට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුණේ චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළෙන් වුවත්, වෛරසය බිහිවන්නට ඇත්තේ වෙනත් ස්ථානයක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ ව්ලැදිමිර් ඩෙඩ්කොෆ් පවසා තිබේ.

වූහාන් වෙළෙඳපොළ ආශ්‍රිතව වෛරසය බිහි වූ බවට කිසිදු සාක්ෂියක් හමුවී නොමැති බව විශේෂඥ ව්ලැදිමිර් සදහන් කරයි.



වූහාන් වෛරස විද්‍යායතනය හොඳින් සංවිධාන කළ ආයතනයක් බවත් ඉන් වෛරසයක් පිටවීමේ සම්භාවිතාව අඩු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ ව්ලැදිමිර් ඩෙඩ්කොෆ් වැඩිදුරටත් පවසයි.

Scroll to Top