Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මෙරට කොරෝනා -19 ආසාදිතයින් 70,000 ඉක්මවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
ඊයේ දිනයේදී නව ආසාදිතයින් 887 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා -19 වෛරසය ආසාදිතයින් 70,000 ඉක්මවා ගොස් ඇත.

ආසාදිතයින් ගෙන් 859 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර තවත් ආසාදිතයින් 19 දෙනෙකු බන්ධනාගාර පොකුරට සම්බන්ධ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටින්නේ.

විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත.

ඒ අතර බ්‍රිතාන්‍යයේ සිට පැමිණි 06 දෙනෙකු, රුසියාවේ සිට පැමිණි පුද්ගලයෙක්, කටාර් සහ කුවේට් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.

තවත් කොරෝනා මරණ 09ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.



ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 365 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 70,235ක් වන අතර  සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 64,141ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Scroll to Top