ජලය හා වනාන්තර පද්ධතිය දැවැන්ත අනතුරක හෙළමින් උතුරු මැද වාරි ඇළ නොහොත් Ncp ව්‍යාපෘතිය ඉදිකිරීම මෙිවනවිට රජය විසින් ආරමිබ කර ඇත.
ලංකාව තුල දැවැන්ත විනාශයක් සිදුකල මහවැලි සැළසුම සකස්කරන විට මීට වසර හතහලිහකට පමණ පෙර උතුරු මැද වාරි ඇල නොහොත් NCP සැළසුම සකස් කරන ලදි.
නමත් යටගොස් තීබූ මෙම ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ අණුඩුව සමයේ නැවත සකස්කිරීමට අවශ්‍ය මැනුමි කටයුතු සහ සැළසුම සකස් කරන ලද අතර වර්ථමාන රජය එය කඩින්මින් ඉදිකර අවසන් කිරීමට යොජනා කර ඇත .
රජය පවසන පරිදි උතුරු උතුරු මැද හා වයඔ යන පළාත්වල ජනතාව දූගී භාවයට පත්ව ඇත්තේ ජල හිගය නිසාය .එමනිසා එම දූගී භාවය තුරන් කිරීමට මෙම වාරි ඇල සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.
රුපියල් බිලියන 120 ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත ඉදීවීම ආරමිබ කිරිීමට නියමිත මෙම ව්‍යාපෘතිය මෙරට නැවතත් පාරිසරික හා සමාජීය වශයෙන් දැවැන්ත අර්බුදයකට ගෙන යන අතර සිංහල දමිළ ගැටුමක් මෙි හරහා නිර්මාණය වීම සදහා ඇති ප්‍රවනතාවයද ඉතාමත් වැඩිය . .
රජයේ සෑළසුම අනුව දැනටමත් දැවැන්ත පාරිසරික හයනයක් සිදුකරමින ඉදිවුන මෙරගහ කන්ද හා කලු ගග ජලාශ වලින් ජලය කිලෝමීටර් 66 දිග ඉහල ඇලහැර ඇල ඔස්සේ මහකනදරාවට ගෙන යනු ලබයි . දෙවනුව මාන්නකටිටියේ සිට චෙන්මඩුකුලමි දක්වා කිලෝමිටර් 95 වාරි ඇලක් ඉදිකිරිමට නියමිත අතර එම වාරි ඇල ඉදිවන්නේ උතුරු මැද හා උතුරු පළාත් වල දැවැන්ත වන සංහාරයක් සිදු කරමිනි.
එයින්ද නොනැවතී එම පාරිසරික සංහාරය වඩා තීවෘර කරමින් චෙන්මඩු කුලමි සිට ඉරණමඩු දක්වාත් ඉරණමඩු සිට යාපනයේ අර්ධද්ධිපය දක්වාත් මෙයින් ජලය ගෙන යාමට සැළසුමි කර ඇත.
උතුරු මැද වාරි ඇළට සමගාමීව රන්දෙණිගල ජලාශයේ සිට කිලෝමිටර් 52 දිවෙන වාරි ඇලක් ඔස්සේ එහි ජලය කලු ගග හා මෙරගහකන්ද ජලාශවලට හැරවීමටත් ,අංගමැඩිල්ල අසල වෙල්ලක් බැද එහි ජලය පොමිප මාගින් මින්නේරිය ජලාශයට ලබාදීමටත්.
මහවැලි ගග කාලිංගණුවරින් හරස්කෙට අංගමැඩිල්ලට ලබාදීමටත් කටයුතු සකස් කරමින් පවතින අතර මෙයින් පුරාන වාරි පද්ධතිය අවුල් ජාලයක් බවට පත්වනවා පමනක් නොව විශාල පාරිසරික හානියක් මෙම ප්‍රදේශවල සිදුවනවා ඇත.
උතුරු මැද වාරි ඇල නිර්මාණය කිරීමෙිදී උතර.” උතුරු මැද පළාත් තුල ප්‍රදේශිය ලේඛමි කොටිඨාහ දෙළහකින් සහ වයඔ පළාතේ ප්‍රදේශ කිහිපයකින් ඉඩමි රජයට පවරා ගැනීමට හා වනාන්තර ඉඩමි එලි කර මෙහි අවශ්‍යතා සදහා යොදාගැනීමට මෙම සැළසුම අනුව සැළසුමි කර ඇති අතර මෙි වන විටත් ඉරණමුඩු ආශ්‍රිතව මෙම විනාශය ආරමිබ කර ඇත.
මොරගහ කන්ද ජලාශයෙන් ආරමිබ වන NCP ඇල යාපනය අර්ධවද්ධීපයට යන තෙක් කිලොමිටර් 200 දුර ප්‍රමාණයක් කෑලෑ ඉඩමි තුලින් හා ඇතමි ස්ථානවල මිනිසුන් ඉවත් කර ජනාවාස ඔස්සේත් ඉදිකිරිමි ආරමිභ වනවා ඇත.
උතුරු මැද වාරි ඇල මාර්ගයේ පළල ඇල රක්ෂිතය සමග මීටර් 120 කි .එහි දිග කිලොමිටර් 200 කි .එ අනුව මිටර් 120 පළල කිලෝමිටර් 200 දිග වනාන්තර තීරුවක් හා එහි සතා සිවිපාවගේ නිවහනත් මෙරටට අහිමිවන අතර මෙි තුලින් වනාන්තර ඛංඩනය වීමත් අලි අතුන් ගේ අලි මංකඩ විනාශ වීමත් වැළැක්විය නොහැකිවන අතර අතුරු ඇලමාර්ගය සදහාද දැවැන්ත පාරිසරික හානියක් සිදුකර වනන්තර විනාශකරමින් ඇල වෙීලි ඉදිකිරීම මෙහිදි සිදුවෙි..
විශේෂයේන් වයඔ “උතුර හා උතුරු මැද පළාත්වල වැවි රක්ෂිත ගණනාවක් හා වනාන්තර ප්‍රදේශ ගණනාවක් මෙම ව්‍යාපෘතිය නිසා වීනාශ වන අතර පුරාණ වාරි කර්මාන්තයේ එල්ලංගා පද්ධති ගණනාවක් සහමුලින්ම විනාශවෙි.
පුරාණ වාරිමාර්ග ජාලය අවුල් ජාලාවක් බවට පත්කරන මෙම ව්‍යාපෘතිය නිසා කුඩා මස් වැල්ලාව,ම” මස්වැල්ලාව” රන්පත් විල” සියඔලා වැව” තමිමැන්නා කුලමි” පලා තොට වැවැ” කුඩා පටිටිය දිවුල් වැවැ” කාපිරි ගම වැව ” ඇහැටු වැවැ ” කොන් වැවැ” පත්තක්කා වැව” දික්වැව “ගුරළු පොත වැව” වයඔ පළාතේ මී ඔය අශ්‍රීතව හා තවත් කුඩා වැවි 700 පමණ එල්ලංගා පද්ධති හා ඒ අවට ප්‍රදේශ ගණනාවක වනන්තර මෙම ව්‍යාපෘතිය නිසා විනාශ වෙ.
පුරාණ වාර් කර්මාන්තයේ ජල කළමණා කරනයේ සුවිශේෂි කාර්්‍යභාරයක් ඉටුකල මෙම වාරි පද්ධති තෙත් භුමි ලෙස සුවිශේෂි කාර්්‍යක් ඉටු කරනු ලබයි .එමෙන්ම වියලි කාලයේදී භුගත ජලය ගබඩාකර ගැනීම සදහාද පාරිසර්ක වශයේන් එල්ලංගා පද්ධතිය සුවිශේෂි කාර්්‍යක් ඉටුකරනු ලබයි.
එලෙස සුවිශේෂි කාර්යක් ඉටුකරන එල්ලංගා පද්ධති නැවත පණගන්නවා වෙිනුවට මෙම වාරි රාටාව වෙනස්කර කරන විනාශයේ ප්‍රතිපල මෙම ප්‍රදේශ වල ජනතාවට පමණක් නොව මුළු රටටම බලපානු ලබයි . මෙය ඉතිහාසයේ දැවැන්තම පාරිසරික විනාශය බවට පත්වන බවට කිසිදු සැකයක් නොමැත.
වර්ථමානයේ මෙරට ඉදිකල මහා පරිමාණ ජලාශ ඇල වෙිළි කිසිවක් බලා පෙරොත්තු වූ ප්‍රගතියේන් අඩකටවත් ලගා විමට බැරිවී තිබෙී. එසේ තිබියදි නැවත නැවතත් මෙවන් විනාශයන් කිරිමේන මෙරට ජනතාවට හෝ ් පරිසරයට සිදු වන සෙතක් නොමැත.
මොරගහ කන්ද කළු ගග ව්‍යාපෘති වුයේත් NCP ඇල උතුරට හැරේන්නෙත් පොලොන්නරුවට ජලය ගෙනයන ප්‍රධාන වාරි පද්ධතිය වන ඇළ හැරට ඉහලින්ය.
එමෙන්ම පොළොන්නරු ප්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය වන ඇලහැරින් ජලය ගෙන යන සුදු කන්ද වැටියෙන් හා කොදුරුවාව කදු වැටියෙන් දෙපස ආවරනය වු වාරි පද්ධතිය පරාක්‍රම සාගර ඇල මාර්ගය ,අංගමැඩිල්ල, “අහස් ගග” මින්නේරිය , පරාක්‍රම සමුට්ය” කවුඩුල්ල ,කන්තලේ , වෙන්රාස කුලමි හා ත්‍රීකුණාමලයෙන් මුහුදට වැටෙින තෙක් වූ වාරි පද්ධතිය දැඩි අර්බුදයකට ලක්වන අතර මොරගහ කන්ද ,කළු ගග ව්‍යාපෘති හරහා උතුරු මැද වාරි ඇලට ජලය හැරවූ විට ඇල හැරින් ඉහත ජල මාර්ග වලට යන ජල ප්‍රමාණය අඩු වෙි .
දැනටමත් පොළෙන්නරුව ඇතුළු ප්‍රදේශ වල ජනතාවගේ වගා බිමි වටට අවශ්‍යතරමි ජලය ලබා නොදෙන අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙින් උතුරට ජලය හැරවූ විට මෙම ප්‍රදේශවලට ලැබෙින ජලය තවත් අඩුවෙි , මෙයින් මෙම ප්‍රදේශ වල පාරාමි පරික ගොවීන් මෙන්ම 1960 පසුව බලහත් කාරයෙන් පදිංවි කල ගොවිජනතාවද අර්බුදයට පත්වෙ.
පාරිසරික වශයෙන් පමණක් නෙව උතුරු මැද වාරි ඇල සමාජීය වශයෙනුත් ප්‍රශ්න ගණනාවක තවත් ආරමිභයකි.
උතුරු මැද වාරි ඇල ඔස්සේ අනුරාධ පුරයට හා පොලොන්නරුවට ලැබීමට තිබෙින ජලය යාපනයට හැරවූ විට ජලහිගයට මුහුණ දෙන අනුරාධපුර ,පොළොන්නරු ඇතුළු ප්‍රදේශවල ජනයා හා උතුරේ දමිළ ජනයා අතර ජලය මුල්කරගන ගැටුමි ඇතිවීමෙි ඉඩකඩ මෙමගින් විවර කරදෙනු ලබයි , මෙම බෙිදුමි ඇලෙහි පරමාතයත් එයයි.
යුද්ධය නොමැතිනමි ඇමරිකානු ආයුධ නිෂ්පාදන සමාගමි වලට ලාබ ලැබීමට බැරිය. සිරියාව දෙකඩ කිරීමට ඔහුන් 2013 සිට භාවිතා කරන උපක්‍රම අද දවසේ ලංකාව තුලද ක්‍රියාත්මක කරමින් සිටි.
ලොව පුරා මෙවන් සිදූවීමි වලට ඔනෑ තරමි උදාහරණ තිබෙි. 1945 වසරේ ඉංදියාවෙි පන්ජාබි ප්‍රන්තය හා ඒ අවට ගමි බටහිර ආක්‍රමණිකයන් විසින් කොටස් දෙකකට වෙන් කරන ලදි . ඒඑක් කොටසක් පකිස්ථානය ලෙසත් අනික් කොටස ඉංදියාවට අයිති වන ලෙසත්ය.
පන්ජාබි යනු ගංගා පහේ භූමිය යන්නයි. පකිස්ථානයට ප්‍රදාන වශයේන් ජලය ලැබෙින්නේ ඉංදු , චෙනාබි හා ජෙලුමි යන ගංගා වලිනි .එයිනුත් වැඩි ප්‍රමාණයක් ජලය ලැබෙින්නේ ඉංදු ගංගාවෙනි.
පසු කාලීනව ඉන්දියාව විසින් ඉන්දු ,රවි,බෙියාස්, සතුල්ජී යන ගංගා වලින් ඇලවෙිලි බැද හරස් කර ඉන්දියානුවන්ට අවශ්‍ය ජලය ලබාගන්නා ලද අතර එමගින් පකිස්ථානයට යන ජල ප්‍රමාණය අඩු විය
ඉන්දියානු පාකිස්ථාන් යුද්ධය ආරමිබ වන්නේ මෙම ජල ගැටළුව මූලික කාරණයක් කරගනිමින්ය. අද දවස වන විටිත් ඇල වෙිලී වීශාල සංඛයාවක් බදවා පාකිස්ථානයට ගලායන ජලය ඉන්දියානු රජය විසින් හරස් කොට ඇත.
එය පාකිස්ථානය දේශපාලනිකව පරාජය කිරීමට භාවිතා කරන යුද උපක්‍රමයක් ලෙස ඉන්දියාව විසින් භාවිතා කරයි. අනෙක් අතින් වෙිළි වල රදවා තබා ඇති ජලය වැසි කාලයේදි එක්වරම නිදහස් කිරීම මගින් පකිස්ථානයට කෘතිම ගංවතුර ඇති කිරිම වැනි අමානුෂික ක්‍රීයා මෙිහිදි සිදු කරනු ලබයි .
ජලය මුල් කර ගනිමින් ඇති වූ පාකිස්ථානු ඉන්දියානු යුද්ධය අපට දෙන උදාහරණය නමි උතුරු මැද වාරි ඇල විසින් නිර්මාණය කරන්නේද මෙවන් තත්වයක් බවයි.
විශාල පාරිසරික හායනයක් හා දේශපාලණික අර්බුදයක් ඇති නොකට උතුරේ ජනතාවවෙත ජලය ලබාදීම අත්‍යවශය කාරණයකි. ඒ සදහා කලයුතු හොදම ක්‍රියාමාර්ග වන්නේ මන්නාරමෙි යෝධ වැව ලඉරණමඩු වැනි මහ වැවි හා ඒ අශ්‍රීත ඇති කුළු වැවි ” දන වැවි හා ගමි වැවි නැවත ප්‍රතිසංස්කරණය කිරීම හා ඇලවෙිලී ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශයේ ජල ගබඩාව සුරක්ෂිත කිරිමයි .
උතුරේ ජනතාව කෙදිනක හේා මහවැලි ජලයෙන් යැපුනේ නැත ඔහුන්ටම අවෙිණික වූ ජල සංරක්ෂණ ක්‍රියා මර්ග ඔහුන් භාවිතා කරන ලදි. ඒ අනුව යාපනයේ ජනයා පෙරදී භාවිති කරන ලද පොකුණු 1000 වැඩි ප්‍රමාණයක් යුද්ධය සමග විනාශ වී ගොස් ඇත.
මෙම පොකුණු ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීම වෙනුවෙන් සකස් කල හැකිය . පෙරදී මෙන්ම වර්ථාමනයේදී ද වර්ෂා කාලයේදී වැලි කොටිට දමා කලපු හරස් කර ගත් ජනයා ජලයෙහි ලවණතාවය වැඩි වන තෙක් එම ජලය භාවිතයට ගනී.
රජය කල යුත්තේ මෙම ජල සංරක්ෂණ ක්‍රියා මාර්ග ආරකිෂා කරමින් සොබාදහම හා ජනයාත් එම වටිනාකමිමුත් ආරකිෂා කිරීමයි. අනිකි අතින් පාරමි පරිකව ජලය ලබාගන්නා ක්‍රම වෙිද තිබියදි ඒවා විනාශ කිරීම මගින් අද මහවැලි ගොවියා මුහුණ දෙන සමාජිය හා පාරිසරික අර්බුදයට උතුරේ ජනතාව මෙමගින් ඇද දමනු ලබයි .
බැංකු ණය මත ඇළ වෙිලි නිර්මාණය කලත් රජයට වර්ෂාව හෝ ජලය නිර්මාණය කිරීමට බැරිය දහස් ගණන් වනාන්තර භූමි මධ්‍යම කදුකරයේ හා රටෙි අනේක ප්‍රදේශ වල විනාශ වන විට වර්ෂාව ඇදගන්නා හා භූගත ජලය රකින වනාන්නතර විනාශ වි යයි. එසේ වූ විට උතුරට ජලය දෙන්නේ කෙසේද.
අනෙක් අතින් උතුරු මැද වාරි ඇළ තන්නනේ උතුරේ ජනතාවට ඇති අප්‍රමාණ වූ දයාව නිසා නෙවෙි. මෙම ඇළ ගෙනයන ප්‍රදේශ වල ඉඩමි සැළකිය යුතු ප්‍රමාණයක් ආර්ථික බෝග වගාව වෙනුවෙන් ලබාගැනීමට රජය මෙි වන විට සැළසුමි කර ඇත.
එම නිසා කන්තලේ උක් වගාව තවත් ප්‍රමාණයකින් වගා බිමි වැඩි කරන අතර උතුර හා උතුරු මැද ප්‍රදේශ ගණනාවක උක්, රටකජු, කජු, ග්‍රීන් ගෑමි , ෆාමි, අපනයනය කල හැකි එළවළු හා පළතුරු උදාහරණයක් ලෙස කැවෙින්ඩිස් කෙසෙල් වැනි බෝග වගාව සදහා අනුරාධ පුරය , විවිනායාව , මන්නාරම ප්‍රදේශ වලින් කූලෑ ඉඩමි ලබා ගෑනීමට හා ඒවා බහු ජාතික සමාගමි ඇතුළු සමාගමි වලට ලබාදීමට ජාතික භෙෘති සැළසුම අනුව සැළසුමි කර ඇත. එම වගාවලට අවශ්‍ය ජලය සැපයීම මෙම උතුරු මැද වාරි ඇලේ ප්‍රධනෙ අරමුණයි .
එයට අමතරව උතුර මැද වාරි ඇළට සමගාමිව උතුරු මැද ,වයඔ හා උතුර ප්‍රදේශ වල වැවි 1000 ආර්ථික ඒකක වශයේන හදුන්වා දීමට සිදුකරන අතර එම වැවි 1000 ජලය ආර්ථික බොග වගාව සදහා යොදා ගනු ලබයි . කෙටියෙන්ම කිවහොත් වැවි හා ජලය පෙෘද්ගලීකරණයද මෙයට සමගාමීව සිදුවෙි .
ඒ විට එහ ප්‍රදේශ වල ජනතාවට සිය ගොවිතැන් බත් වලට අවශ්‍ය ජලය ලබා ගැනිම ගැටළුක් වනවා මෙන්ම ආර්ථික වශයෙන් හා සමාජිය වශයෙන් මෙම ප්‍රදේශ විනාශවිමත් අලි මිනිස් ගැටුම ඇතුළු තවත් පාරිසරික ආර්බුද මෙම ප්‍රදේශ වල නිර්මාණය වීමත් නෙවැළක් විය හැකිය .
බහු ජාතික සමාගමි සැනසීම වෙනුවෙන් ලංකාවෙි ජනවාර්ගික ගැටුමි ඇති කිරිීම හා ස්භාවික සමිපත් සූරා කෑම පසුගිය රජය මෙන්ම වර්ථමාන රජයත් සිදුකරමින් ඇත . උතුරු මැද වාරි ඇළ නිසා සිදුවන දැවැන්ත ඉඩමි මංකොල්ය හා ජලය විකිණීමෙි ක්‍රමාණුකූල සැළසුම සිංහල හා දමිළ ජනයා තවතවත් අනාතයින් බවට පත්කරනු ඇත.
රටකට ජනපති වරුන් හෝ අමාත්‍ය මංඩලයක් තෝරාපත් කර ගන්නේ භූමිය ඇතුළු ස්භාවික සමිපත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හා සමාජය සුරක්ෂිත කිරීම වෙනුවෙනි. නමත් උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය නිසා වයඹ “උතුර හා උතුරු මැද ජනයාට ජීවත් වීමට ඇති ඉඩමි හා වටිනා පරිසර පද්ධති වීදේශිය සමාගමි වලට බදු දෙනවා පමණක නොව ඔහුන්ගේ වීශාල ගොවි ව්‍යාපාර වෙනුවෙන් සමස්ථ ජල ශිෂ්ථාචාරයම වනසා එම ඉඩමි වලට අවශ්‍ය ජලයත් සැපයීම මෙමගින් සිදුවෙි.
රවීන් කාරියවසම්